Colombo Today Local News

බෑණාගේ කැතිපහරින් නැන්දම්මා මරු දකී

වවුනියාව, පෙරියඋලුක්කුලම ප්‍රදේශයේදී ඊයේ (මාර්තු 2)දින සිය බෑනා විසින් එල්ල කරන ලද කැති පහරකින් බරපතළ කැපුම් තුවාල ලැබූ කාන්තාවක ජීවිතක්ෂයට පත් වී ඇතැයි වවුනියාව, උලුක්කුලම පොලිසිය පවසයි.

ස්වාමියා හා බිරිඳ අතර වූ ගැටුමක් පාලනය කිරීමට නැන්දම්මා උත්සහ කළ අවස්ථාවේ බෑණා විසින් ඇයට කැති පහරක් එල්ල කරනු ලැබ ඇති බව පොලිසිය සදහන් කරයි.

කැති පහරින් බරපතළ තුවාල ලැබූ නැන්දම්මා අදාළ ස්ථානයේදී ම ජිවිතක්ෂයට පත්ව ඇති අතර, අදාළ පුරුෂයා සිය බිරිඳට සිදු කළ පහර දීමකින් තුවාල ලැබූ බිරිඳ ද වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති බවද පොලිසිය පවසයි.

එලෙස මිය ගොසස් ඇත්තේ, 60 හැවිරිදි කාන්තාවක් වන අතර සිද්ධියෙන් තුවාල ලැබූ සැකකරුගේ බිරිඳ 37 වන වියේ පසු වෙයි.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

සිද්ධිය සම්බන්ධයෙන් උලුක්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Related posts

2022 දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට රු.බිලියන 6.3ක ලාභයක්

Admin

ඇඳිරිනීතිය ඉවත් කලද නිවසෙන් බැහැරව යාමට අවසර ලබා දෙන හැටි

colombotoday

දුම්රියක් පීලි පනී – උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

මහින්ද – ලසන්ත රහස් සාකච්ඡාවක හඬපටයක් පිටවේ.. රහස් රැසක් එළියට !

colombotoday

බන්ධනාගාර තුළ ආරක්ෂාවට හිටපු යුද හමුදා නිලධාරීන් කැඳවයි

colombotoday

ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය අද ඇරඹෙයි

colombotoday