Colombo Today Local News

පූජිතගෙ මූලික අයිතිවාසිකම් පෙත්සම පූජිතම ඉල්ලා අස්කර ගනී

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීරණය අභියෝගයට ලක් කරමින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ඒ මහතා විසින්ම ඉල්ලා අස්කරගෙන තිබේ.

මෙසේ පෙත්සම අස්කරගනු ලැබ ඇත්තේ, පෙත්සම පවත්වා ගෙන යෑමේ අවශ්‍යතාවයක් නොමැති බව ඒ මහතාගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දීමෙන් පසුවය.

ඊට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම නිෂ්ප්‍රභ කර ඇත. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව නීතියට පටහැනිව තමන් අනිවාර්යය නිවාඩු ගැන්වීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරමින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබ තිබුණි.

Related posts

ඇමති බදුර්දීන් මාවිල්ලු රක්ෂිතයේ අක්කර ලක්ෂයක් ඉල්ලයි

colombotoday

සියලුම ආයතනවලට ආවේණික පුරාණ තොරතුරු රැස් කිරීමේ “පුරා කුටියක්”

colombotoday

මැතිසබේ ගුටි කෙළිය ගැන හොයන කමිටුව අද රැස් වෙයි

Admin

“කොටින්ට නිදහස, රණවිරුවන් සිරගෙට“ සිරගතකළ බුද්ධි අංශ රණවිරුවන්ගේ දරු පවුල් මහපාරට !

colombotoday

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක්

colombotoday

ලොක බැංකුවෙන් ලංකාව ගැන පුරෝකථනයක්

Admin