Colombo Today Local News

බෑණාගේ ටිපර් රථයට යට වී නැන්දම්මා මරු දකී

බෑණා පැදවූ ටිපර් රථයට යට වීමෙන් නැන්දම්මා මියගොස් ඇතැයි නවගමුව පොලිසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ නවගොමුව සුදු විල ප්රෙදේශයේ පදිංචිව සිටි පැපිලියාන ගේ හේමමාලි (66) යන සිව් දරු මවකි.

අනතුරින් මියගිය කාන්තාව නිවසේ තනිවම පදිංචිව සිටින අතර වැඩිමහල් දියණිය විවාහ වී සිටින බෑනා වන ටිපර් රථ රියදුරු ඇයට දහවල් ආහාර රැගෙන ටිපර් රථයේ සිටම එය ලබා දී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ආහාර පාර්සලේ රැගෙන මියගිය කාන්තාව ලොරි රථයේ ඉදිරිපසින් ගමන් කිරීමේදී මාර්ගයේ තාර ගැට්ටේ ගැටී පය ලිස්සා වැටීමෙන් එම ටිපර් රථයේ ඉදිරිපස රෝදයටම යටවී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

බරපතල තුවාල ලද එම කාන්තාව නවගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

නවගමුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලයනල් ප්ර්නාන්දු මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් 56992 රෝහිත මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

Related posts

ප්‍රචන්ඩ රැල්ල නොනවතී.. “ආවා“ට අමතරව උතුරේ තවත් පාතාල කල්ලි 5ක් !

colombotoday

සුසිල් ප්‍රේමජයන්ත , නිමල් සිරිපාල , අනුර ප්‍රියදර්ශන ආණ්ඩුවෙන් ඉවත් වෙයි..? ජාතික ආණ්ඩුව අදින් ඉවරයි !

colombotoday

“ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරන්න” – ජනපති ඉම්රාන්ගෙන් ඉල්ලයි

colombotoday

ඩීල් එකක්! සෞඛ්‍ය සේවයෙන් කොටසක් ඉන්දියාවට…?

colombotoday

රජයේ මිනින්දෝරු නිලධාරීන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

Admin

හිජාස් හිස්බුල්ලා තවත් දින 90ක් රඳවා ගැනීමට අනුමැතිය.

colombotoday