World

භූ කම්පනය මැද සුන්බුන්වලට යට වූ මවක් දරුවෙකුට උපත දී මිය යයි

භූමි කම්පාවෙන් බිමට සමතලා වූ නිවසක සුන්බුන් අතරින්, පණ පිටින් සිටි අලුත උපන් බිලිඳියක සොයා ගැනීමට දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් සමත් වී තිබේ.

බිලිඳියක උපත ලබා ඇත්තේ, බිලිඳිය ගේ මව සුන්බුන්වලට යට වීමෙන් පසුවය. දිවි ගලවා ගැනීමේ කණ්ඩායම්වලට බිලිඳා හමුවන විටත් පෙකණිවැල හරහා ඇය මවට සම්බන්ධ වී සිට ඇත.

බිලිඳියගේ මව, පියා, සොහොයුරා සුන්බුන්වලට යටවී මියගොස් සිටි බව ද පැවැසෙයි.

බිලිඳිය කඩිනමින් රෝහලකට යැවුණු බවත් ඇයට අවශ්‍ය වෛද්‍ය ආධාර ලබා දුන් බවත්, ඇගේ තත්ත්වය යහපත් බවත් තුර්කි පුවත් සේවා වැඩි දුරටත් පවසා තිබේ.

Related posts

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත නායකයා මැරුම් කයි !

colombotoday

වසර 2,200ක් පැරණි බුදු පිළිම ද්විත්වයක් හමුවෙයි

colombotoday

ෆොසිල ඉන්ධන දහනයෙන් ඉවත්වීමට ලෝකයේම එකඟවෙයි

Admin

සඳ ගමන ගිය ‘අමතක වූ ගගනගාමියා’ මිය යයි

colombotoday

සුපිරි පැසිපන්දු ක්‍රීඩාක කෝබේ සහ දියණිය ගුවන් අනතුරකින් මරුදකී.. ඇමරිකාව කම්පා වෙයි !

colombotoday

පුටින් ගෙන් කිම් ජොන් අන් ට ත්‍යාගයක්

Admin