Colombo Today Local News

තුර්කියේ භූ කම්පනයට හසු වූ ශ්‍රී ලාංකිකයෙකු ගැන තොරතුරක් නෑ

තුර්කියේ සිදු වූ භූ කම්පනයෙන් ආපදාවට ලක්වූ ප්‍රදේශයේ සිටි ශ්‍රී ලාංකිකයින් 14 දෙනාගෙන් එක් අයෙකු සම්බන්ධයෙන් තොරතුරක් තවම ත් වාර්තා වී නැතැයි තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනිය දැනුම් දී ඇති බව කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

අද (7)දින පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී තුර්කියේ සිදු වූ මෙම ස්වභාවික ව්‍යසනයට සිය කනගාටුව ප්‍රකාශ කරමින් කැබිනට් ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ ය.

ශ්‍රී ලාංකිකයින් 14 දෙනොගෙන් 13 දෙනෙකු නිරුපද්‍රිතව සිටින බව තනාපතිනිය ප්‍රකාශ කර ඇති බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කළේ ය.

“මේ ඇති වෙච්ච ස්වභාවික ව්‍යසනය නිසා විපතට පත් සියලු දෙනා අතර ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් සිටින බව වාර්තා වුණා. නමුත් ශ්‍රී ලංකා තානාපතිතුමිය දැනුම් දීලා තිබෙනවා ශ්‍රී ලාංකිකයින් 14 දෙනෙක්ට පමණයි මේ සිද්ධිය පිළිබඳව යම්කිසි අදාළත්වයක් තිබෙන්නේ. ඉන් 13 දෙනෙකු නිරුපද්‍රිතව සිටින බව ත් එක් අයෙක් පිළිබඳ තොරතුරු තව ම සොයා ගෙන නැති බව ත් තමයි දැනුම් දීලා තිබෙන්නේ. ඒ නිසා ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් මේ උවදුරේදී නිරුපද්‍රිතව සිටිනවා.”

Related posts

ක්ලබ් වසන්ත ඝා-තනයේ වෙඩික්කරුවන් දෙදෙනාම අත්අඩංගුවට

Admin

“මහාචාර්ය සරත් විජේසූරියගේ ඔලුවේ අර්ශස්” ඇමති ඩිලාන් පෙරේරා

colombotoday

ජල ගාස්තු මිල සූත්‍රය දෙසැම්බර් සිට ක්‍රියාත්මකයි

Admin

කොරෝනා මරණ භුමිදනයට අවසර ?

colombotoday

විග්නේශ්වරන් ලඟ තියාගෙන දෙමළ නිජබිම ගැන ගම්මන්පිල කරපු කතාව..

colombotoday

හෝටලයක වැසිකිලිවලේ කාන්තාවකගේ මළසිරුරක්

colombotoday