Colombo Today Local News

රටපුරාම පොහොර හිඟයි ආණ්‌ඩුව නිහඬයි

phoraa

රට පුරා පොහොර හිඟයක්‌ මතුවීම නිසා ගොවියා අපහසුතාවට පත්ව ඇතත් ආණ්‌ඩුව ඊට කිසිවක්‌ නොකර සිටින බව විපක්‍ෂයේ සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (24 දා) පාර්ලිමේන්තුවේදී කීවේය.

මැදිරිගිරිය ගොවි ජනතාව පොහොර හිඟයට විරෝධය පා උද්ඝෝෂණය කරමින් සිටින බවත්, ආණ්‌ඩුව කිසිවක්‌ නොවූවා සේ සිටින බව ක්‌ දිසානායක මහතා පැවසුවේය. අගමැතිවරයා හෝ කෘෂිකර්ම ඇමැතිවරයා හෝ වී අලෙවි මණ්‌ඩලය හිමි ඇමැතිවරයා හෝ මේ සභාවේ සිටියා නම් හොඳයි. පොහොර සහනාධාරය පසුගිය අයවැයෙන් ඉවත් කළා. රුපියල් 25,000 ක දීමනාවක්‌ වසරකට ලබා දෙන බව කිව්වා. දැන් පොහොර හිඟයක්‌ ඇතිවෙලා…. යෑයි අනුර දිසානායක මහතා කීවේය.

සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා –

කුමන පදනමක්‌ යටතේද මේ ප්‍රකාශය කරන්නේ.

අනුර දිසානායක මහතා –

රටට වැදගත් කාලීන ප්‍රශ්නයක්‌. ආණ්‌ඩුවට ක්‍රමවේදයක්‌ නෑ.

සභානායක –

ප්‍රශ්න මතු කරන්නත් ක්‍රමවේදයක්‌ තියෙනවා. හිතු හිතූ වෙලාවට නැගිටල ප්‍රශ්න මතු කරන්න බෑ. ප්‍රශ්න අහන්න පක්‍ෂ නායකයෙකුට වුණත් ක්‍රමවේදයක්‌ තියෙනවා.

(සභාවේ ඝෝෂා)

මෙහෙම ප්‍රශ්න අහන්න දුන්නොත් හැමෝම නැගිටලා ප්‍රශ්න අහන්න පටන් ගනීවි.

Related posts

ඉදිරියේදී ධර්ම සංඝායනාවක් කරනවා – ජනපති

colombotoday

විදෙස්ගතව සිටි තවත් ලාංකිකයින් 35 ක් දිවයිනට

colombotoday

සජිත්ට එජාපයෙන් කොළ එළියක් ඒත් සජිත් පස්ස ගහයි

Admin

ෂරියා නීතියෙන් නැගෙනහිර 22ක් මරා වල දමයි..

colombotoday

කොරෝනා වෛරසයට ප්‍රතිශක්තීකරණය ලබාදෙන ඖෂධ 10කට සූත්‍ර කමිටුවේ අනුමැතිය.

colombotoday

කොළොන්නාවේ ඇළක මළ සිරුරක්

colombotoday