World

රහස් ලියවිලි සම්බන්ධයෙන් ජෝ බයිඩන්ට එරෙහිව විමර්ශනයක්

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට අයත් කාර්යාලයක තිබී රහස් ලියවිලි හමුවීමේ සිදුවීම සම්බන්ධයෙන්, විශේෂ විමර්ශනයක් ආරම්භ වී තිබේ.

විමර්ශනය ආරම්භ වූයේ නීතිපති මෙරික් ගාලන්ඞ්ගේ උපදෙස් අනුවය. විමර්ශන කටයුතු මෙහෙයවීමට ස්වාධීන නීතීඥවරයකු වන රොබට් හර් පත් කර තිබේ.

ඇමෙරිකන් මාධ්‍ය මීට දින කීපයකට පෙර අනාවරණය කළේ, බයිඩන්ට අයත් කාර්යාලයකින් රහස් ලියවිලි කීපයක් හමුවුණු බවය. ධවල මන්දිරය මෙන්ම බයිඩන්ගේ නීතීඥයන් පවා ඒ බව තහවුරු කළේය.

ඇමෙරිකන් මාධ්‍ය අද (13)දින අනාවරණය කළේ, බයිඩන්ගේ ඩෙලවෙයාර් නිවසේ ගරාජයෙන් ද තවත් රහස් ලියවිලි තිබී හමුවුණු බවය. බයිඩන් නිවසේ විවේකීයව සිටිද්දී, වැඩිපුර කාලය ගත කරන්නේ ගරාජයේ යැයි ද පැවැසෙයි.

රහස් ලියවිලි සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව බයිඩන් පවසා තිබේ. එසේ වුවත් නීතිපතිවරයාගේ අධීක්ෂණය යටතේ සිදුවන විමර්ශනයට පූර්ණ සහාය ලබා දෙන බව ද බයිඩන් පැහැදිලි කර තිබේ.

බයිඩන් සන්තකයේ රහස් ලියවිලි තිබීම සම්බන්ධයෙන් වහා විමර්ශනයක් ආරම්භ කළ යුතු බව ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන් ද පවසා තිබේ.

Related posts

හැට වසරකට පසු මාලදිවයිනේ මරණ දඬුවම ක්‍රියාත්මකයි

colombotoday

ඩොලර් 40,000කට අලෙවි වූ ටයිටැනික් මගියාගේ ලිපිය

Admin

බලපත්‍ර නොමැතිව තුවක්කු ළඟ තබා ගැනීමට අවසර

colombotoday

ඉරාකයේ මංගල උත්සවයක ඇති වූ ගින්නකින් 100දෙනෙකු මරුට

Admin

නයිජීරියාවට බෝකෝ හරාම් මුස්ලිම් ත්‍රස්ත ප්‍රහාරයක් – 32ක් මරුට, 80ට බරපතලයි

colombotoday

ආරක්ෂාවට සිටි හමුදා සෙබළා ඇමතිට වෙඩි තියයි

Admin