Colombo Today Local News

දරුවා පාසලට දා ආපසු යද්දී පියා වෙඩි කා මරුට

අද (11) උදෑසන 7.00ට පමණ පනාමුර ප්‍රදේශයේ පාසලකට සිය දරුවා ඇරලවා යතුරුපැදියෙන් ආපසු නිවස බලා යමින් සිටි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි පනාමුර පොලිසිය පවසයි.

වෙඩි වැදීමෙන් මිය ගොස් ඇත්තේ පනාමුර, ඕමල්පෙ, කැම්පනේ ප්‍රදේශයේ පදිංචි දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන හතලිස් අට හැවිරිදි පුද්ගලයකි.

උදෑසන දරුවා යතුරුපැදියෙන් පාසලට ඇරලවා ආපසු නිවස බලා යමින් සිටියදී කිසියම් පුද්ගලයෙකු ඔහුට වෙඩි තබා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර පනාමුර පොලිසිය මේ පිලිබදව වැඩි දුර පරීක්ෂණ පවත්වනු ලබයි.

Related posts

එජාප ජනාධිපති අපේක්ෂකයා නම් කරන හැටි රනිල් කියයි…

colombotoday

ව්‍යාපාරිකයන් යැවූ අවුරුදු තෑගි ජනාධීපති කාර්යාලයෙන් නැවත හරවා එවයි…

colombotoday

ජනපතිට අගමැතිට නැති ආරක්ෂාවක් මන්ත්‍රීට දෙන්නෑ.. මහින්දගේ හමුදා ආරක්ෂාව මැයි 01 න් ඉවරයි

colombotoday

පෙඩරල් වෙනුවෙන් පෙනී සිටි JC වැලිඅමුනට ඕස්ට්‍රේලියාවේ නව කොමසාරිස් තනතුර ?

colombotoday

20 අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

colombotoday

සා.පෙළ ප්‍රතිඵල තවත් දින දෙකකින්

Admin