Colombo Today Local News

මැතිවරණයේ ඇප මුදල් බාර ගැනීමේ චක්‍රලේඛය අවලංගු කිරීම ගැන රජයෙන් ප්‍රකාශයක්

පළාත් පාලන මැතිවරණයේ ඇප මුදල් බාර ගැනීම තාවකාලිකව අත්හිටුවන ලෙස දැනුම් දෙමින් නිකුත් කළ චක්‍ර ලේඛනය අවලංගු කරගනු ලැබූයේ මැතිවරණ කොමිෂන් සභාව පෙර ඇති කරගත් එකඟතාවය මත ඡන්දය සම්බන්ධයෙන් නීතිපතිවරයාට ලිඛිතව කරුණු දක්වා තිබීම නිසා යැයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් සදහන් කරයි.

ඉහත චක්‍රලේඛය නිකුත් කරනු ලැබුවේ අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණයකට අනුව යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

පළාත් පාලන මැතිවරණය ආසන්නව පවතින අවස්ථාවේ දී මැතිවරණ කොමිෂන් සභාවේ බෙදීමක් පවතින බවට පළවූ අදහස සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සමග ඉකුත් සතියේදී සාකච්ඡාවක් පවත්වනු ලැබීය.

ඇති වී තිබෙන ගැටළු සම්බන්ධයෙන් නීතිපතිවරයා සමග වාචිකව හෝ ලිඛිතව කරුණු සාකච්ඡා කොට විසඳුම් ලබා ගැනීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී උපදෙස් දුන්නේය.

Related posts

පිරිමි දරුවෙක් අපයෝජනය කළ නැටුම් ගුරුවරයා අත්අඩංගුවේ

colombotoday

ලක්ෂ 50ක කුඩු පැකට් කරද්දී කොටු වෙයි

Admin

කොවිඩ්-19 මට්ටු කරන්න අපිටත් අවස්ථාව දෙන්න.| ලග්ගල දේශීය වෙදැදුරෝ ජනපතිගෙන් ඉල්ලති

colombotoday

බන්ධනාගාර තුළට තහනම් භාණ්ඩ පැමිණීම සම්පූර්ණයෙන් නැවතීමට තවමත් නොහැකි වෙයි

colombotoday

නුවර ගිනි නිවන්න විශේෂ පොලිස් කණ්ඩායම් තුනක්

colombotoday

කතරගමදී මිනිසුන් මරන පොලිසියට යාපනයට ගියාම ඉන්න වෙන්නේ කුක්කො වගේ

colombotoday