Colombo Today Local News

විවාහ යෝජනාවට අකමැති වූ 14 හැවිරිදි දැරියට දත් කැඩෙන්න ගහලා… – පියා සහ සීයාත් රෝහලේ

වාද්දූව, පොතුපිටිය ප්‍රදේශයේ නිවසකට පැමිණ එහි සිටි 14 හැවිරිදි දැරියකට, ඇයගේ පියාට සහ සීයාට පිරිසක් විසින් අමානුෂික ලෙස පහරදී බරපතළ තුවාල සිදුකර තිබේ.

පසුව අදාළ පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයින් සිව්දෙනෙක් වාද්දූව පොලීසිය විසින් අත්අඩංගුවට ඇත.

කඩු කිනිසි, පොලු මුගුරු රැගෙන පැමිණි පිරිසක් එම නිවසේ විසූ 14 හැවිරිදි දැරියකට අමානුෂික අන්දමින් දත් කැඩෙන සේ පහරදී ඇයගේ මුඛයේ දුම්වැටියක් ද ඔබා පැනගොස් තිබුණේ පසුගිය ජනවාරි 1 වනදා රාත්‍රියේය.

ඔවුන් යතුරුපැදිය, ත්‍රිරෝද රථ සහ මෝටර් රථවලින් පැමිණ ඇති අතර, මේ වනවිට එම පිරිසෙන් පුද්ගලයින් සිව්දෙනෙක් යතුරුපැදියක් ද සමග අත්අඩංගුවට ගෙන තිබේ.

සෙසු සැකකරුවන් සොයා වැඩිදුර විමර්ශන මේ වනවිට පැවැත්වේ.

ජනවාරි 1වනදා කළුතර හෝටලයක පැවති උත්සවයක් අතරතුර දී පුද්ගලයෙකු විසින් පහරකෑමට ලක්වූ දැරියට විවාහ යෝජනාවක් සිදුකර ඇත.

එයට උරණ වූ දැරිය එම පුද්ගලයා තල්ලුකර බැනවැදී තිබේ.

එම අවස්ථාවේ දී දැරියගේ ඥාතීන් ද එයට මැදිහත් වී බහින්බස් වීමෙන් ආරවුලක් ඇතිව තිබුණි.

පසුව දැරියව ඥාතීන් විසින් නිවසට ඇරලවා සුළු වේලාවක දී වාහන හා යතුරුපැදිවලින් විශාල පිරිසක් පැමිණ මෙලෙස පහරදීම සිදුකර ඇත.

එම අවස්ථාවේ දී වයස අවුරුදු 70ක් වන දැරියගේ සීයා පහරදීම වැළැක්වීමට ඉදිරියට පැමිණ ඇති අතර, ඔහුට ද කඩු ප්‍රහාරයක් එල්ල වී බරපතළ තුවාල ලබා තිබේ.

දැරියගේ පියා ද එම අවස්ථාවේ දී රැකියාව නිම වී නිවසට පැමිණ ඇති අතර, ඔහුව ද කඩුවලින් කපා බරපතළ තුවාල සිදුකර ඇතැයි වාර්තා වේ.

තුවාලකරුවන් මේ වනවිටත් නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

Related posts

බුවනෙකබාහු රාජසභා ගොඩනැගිල්ල- කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු 04කට එරෙහිව වරෙන්තු නිකුත් කෙරේ

colombotoday

ජවිපෙ මැයි රැලියට ගිය ලංගම බසයට ශ්‍රීලනිපයෙන් ගල් ප්‍රහාරයක් !

colombotoday

පාස්කු කොමිසමේදී රෙද්ද කැඩෙන බදුර්දීන් බේරගන්න සමගි ජන බලවේගය මැකෝ ලඟට

colombotoday

හම්බන්තොට මහ නගරසභාව එජාපයට

colombotoday

කබ්රාල් ඇප මත මුදාහරී

colombotoday

හෙළ උරුම – එජාප දීගය තව දුර යයි.. එකම පෙරමුණකින් පුංචි ඡන්දයට !

colombotoday