ආණමඩුව පොලිස් වසමේ කොන්වලකන්ද ප්රදේශයේ පිහිටි වගා ඉඩමක් තුළ පුද්ගලයෙකු මිය ගොස් ඇති බවට ආණමඩුව පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ.
මිය ගිය පුද්ගලයා මෙම ඉඩමේ මුරකරු ලෙස සේවය කර ඇති බව පොලිසිය පවසයි.
මිය ගිය පුද්ගලයා 54 හැවිරිදි ,වතුපොල ,පල්ලම ප්රදේශයේ පදිංචිකරුවෙකි.
ආණමඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.