Colombo Today Local News

USAID වෙතින් අඩු ආදායම්ලාභී ගොවින්ට දීමනාවක්

දිස්ත්‍රික්ක 7ක අඩු ආදායම්ලාභී වී වගා කරන ගොවි පවුල් සඳහා එක් පවුලකට රුපියල් 15,000 ක් එනම් ඩොලර් 42 ක දීමනාවක් ලබාදීමට එක්සත් ජනපද නියෝජිතායතනය තීරණය කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරන්නේ, යාපනය, මුලතිව්, මන්නාරම, ත්‍රිකුණාමලය, වවුනියාව, මොණරාගල හා මඩකලපුව දිස්ත්‍රික්කවල වෙසෙන මාසික ආදායම රුපියල් 41,500ට වඩා අඩු ගොවි පවුල් සඳහා මෙම දීමනාව ලබා දෙන බවයි.

මෙම මුදල වාරික 2ක් යටතේ ලබන ජනවාරි මාසයේ දී ලබාදීමට කටයුතු කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ.එම්. එච්. එල්. අබේරත්න මහතා පවසයි.

එමෙන්ම ආසියානු සංවර්ධන බැංකුව විසින් රුපියල් බිලියන 08ක මුදලක් දිවයිනේ වී වගා කරන ගොවිපවුල් ලක්ෂ 12කට ලබාදීමට කටයුතු කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

Related posts

පාර්ලිමේන්තුව විසුරුවන්න 3/2 ගැනීම දවල් හීනයක් !!

colombotoday

මුජුබර් රහුමාන් ඇදපු අන්චියෙන් ඥානසාර හිමි නිදහස් කිරීමට අධිකරණය නියෝග කරයි.

colombotoday

එල්ලුම් ගස නැවත ක්‍රියාත්මක කිරීම ජිනීවා මානව හිමිකම් සමුළුවේ කතා බහට

colombotoday

හිටපු මන්ත්‍රී රංජන් රාමනායකට ඇප

colombotoday

බුරවි දිවයිනෙන් ඉවතට |අදත් උතුරු, උතුරු මැද සහ වයඹට තද වැසි..

colombotoday

හිටපු DIG නාලක බුද්ධි අංශ මෙහෙයුමක් පාවා දුන් බවට විමල්ගෙන් හෙළිදරව්වක්

colombotoday