Colombo Today Local News

අයිතිවාසිකම් ඉල්ලා ඒකාබද්ධ විපක්ෂයෙන් දිගටම අරගල

කථානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (23) පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී හෝ සිය ඉල්ලීම්වලට යහපත් ප‍්‍රතිචාරයක් නොලැබුණහොත් අයිතිවාසිකම් දිනාගැනීම සඳහා පාර්ලිමේන්තුවේදී තවදුරටත් අරගල කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ මෙම පක්ෂ නායක රැස්වීමෙන් පසු පස්වරුවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම ද වෙනම රැස්වන බවයි.

මේ අතර නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් පත්කිරීම සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය අද ආරම්භ වනවා.

අද (23) සහ හෙට (24) මෙම විවාදය සිදුකෙරෙනු ඇති. අදාළ යෝජනාව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. කරුණු 33ක් ඊට ඇතුළත්.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කථානායකවරයා පත්විය යුතු බව එහි සඳහන් එක් කරුණක් වනවා. එම යෝජනාව විවාදයට ගැනීමට මීට පෙර ද අවස්ථා කිහිපයකදී දින නියම කෙරුණත් පක්ෂ විපක්ෂ මතගැටුම් හේතුවෙන් එය කල්දැමුණා.

Related posts

2024 අයවැයෙන් ජනතාවට ටින් එකක්

Admin

සාධාරණ සමාජයක් හදන්න කෑ ගහපු අය ජනතා මුදල් ලක්ෂ ගණනික් කාලා… වැලම එළියට…

colombotoday

ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

බෞද්ධ ධර්මය දියුණු කරන්න මහා සංඝරත්නය සමඟ සාකච්ඡා කරනවා. – අගමැති රනිල් කියයි

colombotoday

“පොලිසිය භාවිත කරන්නේ කල් ඉකුත් වූ කඳුළු ගෑස් නොවේ” – පොලිස් මාධ්‍ය ප්‍රකාශක චෝදනා ප්‍රතික්ෂේප කරයි

Admin

ප්‍රවීණ ගායන ශිල්පී ඇනස්ලි නානායක්කාර අභාවප්‍රාප්ත වෙයි

colombotoday