Colombo Today Local News

“තව රු.1000 කින් සිමෙන්ති මිල අඩු කරන්න පුළුවන්.”

සිමෙන්ති කොට්ටයක මිල තවත් රුපියල් 1,000 කින් අඩු කළ හැකි බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චි මහතා පවසයි.

අද (15)දින පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ දේශීය සමාගම් සිමෙන්ති කොට්ටයක මිල රු. 225කින් අඩු කිරීමත් සමඟ ආනයනකරුවන්ද සිමෙන්ති මිල පහළ දැමීමට කටයුතු කළ යුතු බවයි.

“මේ සිමෙන්ති මිල මේ තරම් දුරට ගෙනියන්න රුපියල් 3,200 දක්වා ඉහළකට ගෙනියන්න මේ රටේ සිමෙන්ති මිලේ මාෆියාව කවුද, ආනයනකරුවන්. මොනතරම් සංවාද විසංවාද ඇති වෙලා තියනව ද, මේ සිමෙන්ති මිල අඩු කරන්න කියලා. දැන් මොක ද කියන්නේ. මේ වෙනකොට රුපියල් 3,200ට තිබුන සිමෙන්ති කොට්ටය රුපියල් 2700 දක්වා අඩු වෙලා තියනවා. මේක මාෆියාවක් නෙවෙයි ද? අද මම අහනවා මේ සිමෙන්ති මිල අඩු වෙන්න රුපියල සම වෙලා ද, ඩොලර් එක අඩු වෙලා ද, TAX එක අඩු වෙලා ද, සමාජ ආරක්ෂණ බද්ද ඔබට නැද්ද, තව රුපියල් 1,000කින් සිමෙන්ති මිල අඩු කරන්න පුළුවන්.”

Related posts

දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථාවට ට්‍රක් රථ රියදුරන් පිරිසක් කඩා පනී

colombotoday

අයවැයෙන් සැප වාහනවල මිළ ඉහළ දැමීමේ වාසිය මැති ඇමතිවරුන්ටයි…!

colombotoday

ප්‍රවීන රංගන ශිල්පි ටෙනිසන් කුරේ අභාවප්‍රාප්ත වෙයි

colombotoday

හයිබ්‍රිඩ් අධිකරණය ගැන අධ්‍යයනයට ආණ්ඩුවේ පිරිසක් ස්කොට්ලන්තයට, අනුග්‍රහය ප්‍රකට NGOවකින්

colombotoday

අද ඩොලරයේ අගය මෙන්න

Admin

සතොස අලාභය පහළ යයි

colombotoday