Colombo Today Local News

මහජන උපයෝගිතා කොමිසම අහෝසි කරන්නැයි යෝජනාවක්

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් පත්කළ -යෝජනාවල මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීමේ යෝජනාවක් ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (8)දින පාර්ලිමේන්තුවේදී පැවසීය.

එම කොමිසම වෙනුවට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය වෙනුවෙන් වෙන ම ආයතන පිහිටුවීමට කටයුතු කරන බව ද දියුණු රටවල ද ඇත්තේ එවැනි ක්‍රමවේදයක් බවද කංචන විජේසේකර අමාත්‍යවරයා කීවේ ය.

මහජන උපයෝගිතා කොමිසම අහෝසි කළ යුතු බවට පසුගිය 2020දී හිටපු ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහා භාණ්ඩාගාර ලේකම්වරයාට ලිපියක් යොමුකර තිබූ අතර මෙම යෝජනාවට විපක්ෂය දැඩි විරෝධයක් එල්ල කළේ ය. ලිපියක් මගින් එසේ කොමිසමක් අවලංගු කරන ලෙසට දැනුම් දෙන්නේ කෙසේදැයි එහිදී විපක්ෂයේ මත්‍රීහු දැඩිව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළහ.

Related posts

අගමැති හැසිරුනේ හස්තිරාජ මදන මෝදකය කාලා වගේ – බන්දුල ගුණවර්ධන

colombotoday

රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයට හේතුව යහපාලනය යැයි කබ්රාල්ගෙන් චෝදනා

colombotoday

හැමදාම කළේ රස කතා කියා රට ඇන්දවීම… දමනය කළ යුත්තේ අරගලය නොව උද්ධමනයයි

colombotoday

රන්ජන්ව පාර්ලිමේන්තු ගෙන්වන්න’යි සමගි ජන බලවේගය ඉල්ලයි.

colombotoday

කටුනායක ඇතුළු මෙරට ගුවන්තොටුපලවල් වසා දැමීමේ අවදානමක්

colombotoday

එළවළු මිල 100% කින් ඉහළට

Admin