Colombo Today Local News

ත්‍රිකෝණමඩු විනාශයට දැඩි ක්‍රියාමර්ග ගන්නවා – මහින්ද අමරවීර

පොලොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩු රක්ෂිතයට මායිම්ව පිහිටි සූරියවැව රක්ෂිතය කිසිවකු හෝ විනාශ කරන්නේ නම් ඔවුනට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව කෘෂිකර්ම සහ වනජීවි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (22)දින පැවසීය.

එසේම එවැනි දෙයක් සිදුවන්නේ නම් එම විනාශය නතර කිරීමට වහාම පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය.

අමරවීර මහතා මෙසේ පැවසුවේ පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් සමරවික්‍රම මහතා මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදීය.

කෘෂිකර්ම සහ වනජීවි අමාත්‍ය මහින්ද අමරවීර මහතා:

එතුමා කළ ඉල්ලීම ගැන අවධානය යොමු කරනවා. කිසිසේත්ම ඒ කැලෑව එළි කිරීමට ඉඩ දෙන්නේ නැහැ. එහෙම සිද්ධියක් වෙලා තියෙනවා නම් ඒක වහාම නතර කරන්න කටයුතු කරනවා. ඊට සම්බන්ධ අයට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නවා. ක්‍රමානුකූලව වගා කිරීමේ වැඩ පිළිවෙලකට මිසක් පරිසරය විනාශ කරන්න ඉඩ දෙන්නේ නැහැ.

Related posts

අද සිට බස් ගාස්තුව ඉහළට ! සංශෝධිත බස් ගාස්තු ලේඛණය මෙන්න

colombotoday

ජනපති සහ ගෝඨාභය ඝාතන කුමන්ත‍්‍රණය හෙළි කළ නාමල් කුමාර පොලිස් ඔත්තුකරුවෙක්…

colombotoday

රෝහල් ශීඝ්‍රයෙන් පිරී යමින් පවති – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

colombotoday

“නාම යෝජනා ගැන සෑහීමකට පත්වෙන්න බෑ” – පොහොට්ටුවෙ අවුල විමල් හෙළිකරයි

colombotoday

ස්වශක්ති ණය යෝජනාව අනුමතයි

colombotoday

සමෘද්ධිලාභීන් රැකබලා ගන්නා බව සජිත් කියයි

colombotoday