Colombo Today Local News

දේශපාලන බලපෑම් – හිතවත්කම් මත පොලිස් තනතුරු නැහැ… වසර තුනකට වැඩිනම් මාරු වීම්

පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස එකම පොලිස් ස්ථානයක වසර තුනකට වැඩි කාලයක් එක දිගට කටයුතු කළ ස්ථානාධිපතිවරුන් මාරු කිරීමට තීරණය කර ඇතැයි මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා පවසයි.

පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවූ බවත්, ඒ සඳහා අයදුම්පත් 1300ක් පමණ ලැබුණු බවත් ඔහු සඳහන් කරයි.

අයදුම්පත් ඉදිරිපත් කළ පොලිස් නිලධාරීන් සම්මුඛ පරීක්ෂණයකට යොමු කර, 1090 දෙනකු දැනටමත් තෝරාගෙන ඇති බවත්, ඔවුන් ඉතා ළගදීම පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස පත් කරන බවත් හෙතෙම සඳහන් කරයි.

දේශපාලන බලපෑම් මත හෝ හිතවත්කම් මත ස්ථානාධිපතිවරුන් පත් නොකරන බව කී ඇමතිවරයා සුදුසුකම් මත ඔවුන් නිවැරදි ස්ථානවලට පත් කිරීමට කටයුතු කරගෙන යන බවද වැඩිදුරටත් සඳහන් ක‍රයි.

Related posts

කළු පාලම අසල ගඟේ නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක්

Admin

මත්පැන් මිල ඉහළට

colombotoday

ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ චෝදනා නැගීම පසුපස ශ්‍රී ලාංකිකයෝ 4 ක්‌

colombotoday

ප්‍රේමලාල්ගේ අභියාචන පෙත්සම විභාගයට දින නියම වේ

colombotoday

අපටත් ඕනෑ අයිතීන් – සංක්‍රාන්තික ලිංගිකයෝත් සටනට

colombotoday

පාර්ලිමේන්තුව විසුරුවන ජනපති තීදුවට එරෙහි පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බෑ – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියයි

colombotoday