Colombo Today Local News

නව ව්‍යාවස්ථා කෙටුම්පත තවම නැතත් හදන්න කෝටි තුනක් වැය කරලා

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කිරිම වෙනුවෙන් 2020 සහ 2021 වසර දෙකේදි රුපියල් කෝටි තුනකට අධික මුදලක් වැය කර ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ.

මාස හයෙන් අවසන් කල යුතුව තිබු එහි කාර්ය භාරය මාස පහළොවකින් වත් අවසන් කර නැති බවද එම වාර්තාවේ සඳහන් වේ.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කිිරීම සඳහා 2020 ඔක්තෝබරයේදි පළමු කමිටුව රැස්ව ඇති අතර කමිටු වාර 38ක් සඳහා හා බාහිර පාර්ශ්වයන් සමග පැවති සාකච්චා නවයක් වෙනුවෙන් රුපියල් කෝටි දෙකකට අධික මුදලක් වැය කර ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.

මෙම වියදම් තුළ කිසිදු ප‍්‍රයෝජනයකට නොගත් කාර්යාල කාමර තුනක් සඳහා කුලිය ගෙවීමටත් කාර්යාල උපකරණ සඳහාත් රුපියල් ලක්ෂ 12.5ක් වැය කර ඇති අතර එම කාර්යාල පසුව ආපසු භාරදී ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.

ව්‍යවස්ථා කෙටුම්පත් කමිටුවේ විශේෂඥයන් සඳහා කමිටු සහභාගීත්වය රුපියල් ලක්ෂ 31ක්ද, කමිටු රැස්වීම්වලට පැමිණීමට ගමන් වියදම් ලෙස එක් ලක්ෂ විසිදහසක්ද, කමිටු ලේකම්ගේ මාසික දිමනා ලෙස අදාල කාලය සඳහා ලක්ෂ 12ක්ද සම්බන්ධීකරණ මාසික දීමනාව වෙනුවෙන් ලක්ෂ 6 ක්ද, පර්යෙය්ෂණ සහකාර දීමනා ලෙස ලක්ෂ 25.6 ක්ද, වශයෙන් කෝටියකට අධික මුදලක් එනම් රුපියල් 1,01,80,000ක් 2021 දෙසැම්බර් 31 වන විට ගෙවා ඇති බවද එම ගෙවීම් කර තිබෙන්නේ භාණ්ඩාගාර අනුමැතියකින් තොරව බවද එම වාර්තාවේ සඳහන් වේ.

Related posts

අවුරුදු තුන හමාරක දැරියක් මුහුණදුන් අවාසනාවන්ත සිදුවීමක්

Admin

ඉඟිනියාගල සිසුවියන් දෙදෙනෙක් අතුරුදන්

Admin

මාසේ පඩිය තිස්හතරදාහයි.. කුප්‍රකට හෙද සහායක ලක්ෂ 111 කට ඉඩමක් ගනී !

colombotoday

මම බෝම්බ ගැහුවෙත් නෑ. කෝටි 10 වන්දි මුදල ගෙවන්න තව මාස 3යි – මෛත්‍රී ආධාර ඉල්ලයි

Admin

සිරිමාවෝ චිත්‍රපටය නිෂ්පාදනය කළ අනෝමාට 21 වන ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේදී සම්මානයක්

Admin

උපාලි අබේරත්න කොමිෂන් සභාව තම සීමාව පැනලා. | නීතිපති අධිකරණයට කියයි.

colombotoday