World

නව තාක්ෂණය නිර්මාණශීලී වන අයුරු රොබෝ යුවතියක් පාර්ලිමේන්තුවේදී කියයි

කෘත්‍රිම බුද්ධි රොබෝ යුවතියක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් සාමි මණ්ඩලය අමතා ඇත.

කෘත්‍රිම බුද්ධි රොබෝ යුවතියක්, සාමි මණ්ඩලය හමුවේ පෙනී සිටි පළමු අවස්ථාව මෙයයි.

‘අයි-ඩා’ යන නමින් හැඳින්වෙන මෙම රොබෝ යුවතිය පෙනී සිටියේ සාමි මණ්ඩලයේ සන්නිවේදන සහ ඩිජිටල් කටයුතු පිළිබඳ කටිමුට හමුවේය.

රොබෝ යුවතිය සාමි මණ්ඩලය අමතමින්, නව තාක්ෂණය නිර්මාණශීලී වන්නේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් අදහස් දක්වූවාය.

‘අයි-ඩා’චිත්‍ර ශිල්පිනියක් ද වන අතර ඇගේ නිර්මාණ, චිත්‍ර ප්‍රදර්ශනවලට ඇතුළත් වෙයි.

‘අයි-ඩා’ පසුගිය කාලයේ ලොව පුරා ජනප්‍රිය වූයේ, ඇය තනිවම ඇගේ කෘත්‍රිම බුද්ධි පරිගණක වැඩසටහන ඇසුරින් දෙවැනි එලිසබත් මහ රැජිනගේ රුව සිතුවමට නැගූ බැවිනි.

ලොව පළමු, සැබෑ යුවතියකට සමාන පෙනුමැති, කෘත්‍රිම බුද්ධියකින් තනිව සිතිය හැකි, මානවරූපී රොබෝ චිත්‍ර ශිල්පිනිය ලෙස සැලකෙන්නේ ද ‘අයි-ඩා’ය. ‘අයි-ඩා’ නිර්මාණය කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන්ය.

‘අයි-ඩා’ගේ ඇස්වලට කැමරා සවි කර ඇති අතර ඇගේ කෘත්‍රිම බුද්ධි පරිගණක වැඩසටහන විශේෂ ඇල්ගෝරිදමවලින් නිර්මාණය වූවකි.

පෙනුමෙන් සැබෑ යුවතියක වුවත්, මානවරූපී කෘත්‍රිම බුද්ධි රොබෝවකු වුවත්, ‘අයි-ඩා’ ට තනිවම ඇවිදීමට හැකියාවක් නොමැති අතර ඇය හැසිරවීම සිදුකරන්නේ ඇගේ නිර්මාණකරුවන්ය.

මෙම රොබෝ යුවතිය ‘අයි-ඩා’ යනුවෙන් නම් කර ඇත්තේ බ්‍රිතාන්‍ය ගණිතඥයකු මෙන්ම පරිගණක ක්ෂේත්‍රයේ පුරෝගාමියකු ද වන අයිඩා ලව්ලේස්ට ගරු කරමිනි.

Related posts

අමෙරිකාවේ කොවිඩ් මරණ ලක්ෂ 2 ඉක්මවයි – එය ලැජ්ජාවට කරුණක් බව ට්‍රම්ප් කියයි

colombotoday

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් තවමත් ලෝක තර්ජනයක් – එක්සත් ජනපදය අනතුරු අඟවයි

colombotoday

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

Admin

ඉන්දීය ක්‍රීඩක රිෂාබ් පාන්ට් අනතුරකට ලක්වෙයි

Admin

පැනමාවේ ප්‍රබල භූකම්පනයක්

Admin

ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ප්‍රංශයේ ඉස්ලාම් සංක්‍රමණික කදවුරු ගිනිබත් වෙයි!

colombotoday