Colombo Today Local News

‘මේ තැනැත්තියව දන්නෙත් නෑ. අඳුරන්නෙත් නෑ.’- දයාසිරිගෙනුත් CIDයට පැමිණිල්ලක්

මහා පරිමාණ මූල්‍ය වංචා චෝදනා එල්ල වී ඇති තිලිණි ප්‍රියමාලි නම් කාන්තාවට මුදල් ලබාදුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන නම් ලැයිස්තුවට තම ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (10)දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

සමාජ මාධ්‍ය ඔස්සේ අදාළ නම් ලැයිස්තුව සඳහා තමන්ගේ නම් එකතු කළේ කවුරුන්ද යන්න පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන්නැයි ඉල්ලා සිටි බව ද දයාසිරි ජයසේකර මහතා පැවසීය.

“කිසිම වෙලාවක මම මේ තැනැත්තියව දන්නෙත් නෑ. අඳුරන්නෙත් නෑ. හැබැයි ඇයගේ ව්‍යාපාරවලට අපි සල්ලි දාලා තියෙනවා කියලා තමයි සමාජ මාධ්‍ය ජාලාවල යන්නේ. අපි එවැනි තැන්පතුවක් කරලා නෑ. ඇය සමග කිසිදු ව්‍යාපාරික ගනුදෙනුවක් කරලත් නෑ. මම පහුගිය සතියේ ආණ්ඩුවෙන් ඉවත්වෙලා මහා තෙල් වංචාව ගැන කතා කළා. ජනතාවට වැඩි මිලට තෙල් ගන්න වෙලා තියෙන තත්ත්වයන් ගැන. ආණ්ඩුවේ ඉඳලා එළියට ආවහම අපිට ගහන්න පටන් ගත්තා. මම ඉදිරිපත් කරපු චෝදනාවලට උත්තර නොදී මගේ ගෙවන්න තියෙන ලයිට්බිලක් අරන් ගහන්න පටන් ගත්තා.දැන් මේ මඩ දිගින් දිගටම ආණ්ඩුව පැත්තෙන් ඉදිරිපත් වෙනවා. මම දන්නවා යම් අමාත්‍යවරයෙක් මේකට සම්බන්ධයි. ඒ වගේම සමාජ මාධ්‍ය හසුරවන කලාකරුවෙක්. ඔවුන්ගේ පැත්තෙනුත් මේක ගියා කියලා අපිට තොරතුරු ලැබිලා තියෙනවා.”

Related posts

මධ්‍යම අධිවේගී ව්‍යාපෘතියේ හෙලිකොප්ටරයකින් ඇමති කිරිඇල්ල ත්‍රිකුණාමලේ සවාරි ගිහින්

colombotoday

ජින්තුපිටියේ පුද්ගලයාට කොරෝනා ආසාදනය වී නැති බව අනිල් ජාසිංහ මහතා කියයි

colombotoday

අතයට ගණුදෙනු : ටැබ්, සුරක්ෂා තාවකාලිකව අත්හිටුවයි !

colombotoday

ගෝඨාභයට විරුද්දව රනිල් සහ මර්වින් මිනී මැරුම් සාක්‍ෂි හදයි

colombotoday

ජනපති මෙහෙයවන අදිසි හස්තයක් තිබෙනවා… 225ම යකඩ සපත්තුවට යට කරලා

Admin

රත්‍රං මිල ගණන් තවත් පහළට

Admin