Colombo Today Local News

අධික වේගයෙන් ආ මෝටර් රථය බොක්කුවේ – 19 හැවිරිදි තරුණයෙක් මරු දකී.

සාදයකට ගොස් පැමිණෙමින් සිටි තරුණයන් තිදෙනකු රැගත් මෝටර් රථයක් ඉංගිරිය නම්බපාන ප්‍රදේශයේදී බෝක්කුවක ගැටීමෙන් තරුණයෙක් එම ස්ථානයේ දී මියගොස් අනෙක් තරුණයන් දෙදෙනා බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව ඉංගිරිය පොලිසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ ඉංගිරිය, මහ ඉංගිරිය නාච්චිමලේ පදිංචිව සිටි සුරවීර ආරච්චිගේ මුතුමාල කලනජිත් නැමැති 19 හැවිරිදි තරුණයෙකි.

අනතුර වීමත් සමගම මෝටර් රථයේ ඉදිරිපස වම් අසුනේ සිටි තරුණයා එම ස්ථානයේදීම මිය ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

තරුණයන් තිදෙනා රැගත් මෝටර් රථය ඉංගිරිය දෙස සිට රත්නපුර දෙසට අධික වේගයෙන් ගමන් කිරීමේදී මෝටර් රථය පාලනය කරගත නොහැකිව නම්බපාන ප්‍රදේශයේ වගුවේ දී වම් පස තිබෙන බෝක්කුවේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය පවසයි.

රියදුරු වශයෙන් කටයුතු කළ තරුණයා හොරණ මූලික රෝහලේ හා පසුපස ගමන් ගත් තරුණයා කොළඹ ජාතික රෝහලේ බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබයි.

මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ ඉංගිරිය පොලිසිය පවත්වනු ලබයි.

Related posts

ආණ්ඩුවට යමු කියා පසුපෙලින් දැඩි බලපෑම්.. කරන්නේ කුමක්දැයි හකීම්-බදියුදීන් එක්ව සාකච්චා..

colombotoday

ට්‍රම්ප්-මෛත්‍රී හමුවක්…

colombotoday

රුධිර ප්ලාස්මාව අපනයන කිරීමේ මගඩියක්…

colombotoday

සියළුම රාජ්‍ය සේවකයන්ට රු 2500ක දීමනාවක්…

colombotoday

මොරගහකන්ද ජලාශයෙන් වැටී කෝප්‍රල්වරයෙක් මිය යයි

Admin

පාඨලීට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා පියවර ගනී

colombotoday