Colombo Today Local News

වරාය රාජ්‍ය ඇමැතිට බලය පවරමින් ගැසට් නිවේදනයක්

වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට පැවරී ඇති කාර්‍යයන් කිහිපයක් එම රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතාට පවරනු ලැබ ඇත.

මෙම පැවරීම කර ඇත්තේ නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ අත්සනින් යුතුව ගැසට් නිවේදනයක් නිකුත් කරමිනි.

මේ අනුව පලාලි ගුවන්තොටුපොළ, රත්මලාන ගුවන්තොටුපොළ, සංවර්ධනය සඳහා හඳුනාගත් ඕනෑම ගුවන් තොටුපොළවල්, කන්කසන්තුරේ වරාය සහ ඔලුවිල් වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය වරයාගේ අධීක්ෂණය සහ මගපෙන්වීම යටතේ සංවර්ධනය කිරීම රාජ්‍ය අමාත්‍යවරයාට පැවරෙනු ඇත.

මෙයට අමතරව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය යටතේ ඇති සියලුම සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් වරාය හා ගුවන් සේවා අමාත්‍ය වරයාට සහාය වීමද රාජ්‍ය අමාත්‍යවරයාට පැවරෙන බව එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.

Related posts

විමල් වීරවංශට නොතීසි

Admin

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී කළ පොලිස් සෝදිසි මෙහෙයුමකින් පුද්ගලයන් 61ක් අත්අඩංගුවේ

colombotoday

පුද්ගලයෙකු හප්පා පැන යද්දී ඇමති රංගේ බංඩාරගේ පුතා අත්අඩංගුවට

colombotoday

“ආර්ථික විශේෂඥයන් මොනව කීවත් ජනතාව මත බදු බර පටවන්න දෙන්නෑ” – ජනපති

colombotoday

ෂොපින් බෑග් එකක් අරං ආපු රිෂාඩ් කෝටිපතියෙක් වුණ හැටි

colombotoday

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ඇමරිකාවේ අවධානයට…

colombotoday