Colombo Today Local News

පෙතියාගොඩ සංඛ ගිනි අවියක් සමඟ STF දැලේ…

පාතාල ක්‍රියාකාරකම් රැසකට ඍජුව සම්බන්ධ වූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන ලියනගේ හර්ෂ චතුරංග පෙරේරා නොහොත් “පෙතියාගොඩ සංඛ” නැමැත්තා සහ තවත් පුද්ගලයන් දෙදෙනෙක් විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

එම සැකකරුවන් සමඟ ටි 54 වර්ගයේ ගිනි අවියක් සහ ජීව උණ්ඩ පහක් සහ ජංගම දුරකථන දෙකක් පොලිසිය භාරයට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්යය බලකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් ලද තොරතුරක් අනුව පෙතියාගොඩ සංඛ නමැත්තා මුල්ලේරියාව නවනගරය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී අපරාධ සඳහා යොදා ගත් ගිනි අවිය පරකඩුව ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකුට ලබාදී ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

පොලිසිය සදහන් කරන්නේ එම ගිනි අවියත් රැගෙන ත්‍රීරෝද රථයකින් සැකකරුවන් දෙදෙනා ඇහැලියගොඩ රත්නපුර මාර්ගයේ ත්‍රී රෝද රථයකින් පැමිණෙමින් සිටියදී ගල් පුස්සැල්ල වතුයාය ඉදිරිපිට දී අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුවන් තිදෙනා ම වැඩිදුර විමර්ශන සඳහා ඇහැලියගොඩ පොලිසියට භාර දී ඇත.

අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 25 40 අතර පසුවන්නේය.

විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී පොජ්ජ පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මහතාගේ මෙහෙයවීමෙන් බුද්ධි කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක කේ එස් ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

සිඟිත්තන්ගේ අවුරුදු උත්සවායට චූටි ටීචර්ට යන්න බරි වෙයි… එන අතර මඟදී ඝාතනය කරලා

Admin

ශ්‍රී ලංකාවේ දිනයක් තුල වාර්තා වූ වැඩිම ආසාදිතයන් ප්‍රමාණය වාර්තා වෙයි. සාදිතයින් ගණන 417ක් දක්වා ඉහළට

colombotoday

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වේ

colombotoday

කොළඹ මාර්ග කිහිපයක් අවහිර වෙයි

Admin

ශුක්‍රාණු ආනයන බලපත්‍ර ඉවත් කෙරේ

colombotoday

කඩුවෙල හිටපු නගරාධිපති බුද්ධදාස එජාපයට එක්වෙයි !

colombotoday