කොළඹ වරායේ රඳවා තිබූ මෙට්‍රික් ටොන් 36000 පෙට්‍රල් නෞකාවකට මුදල් ගෙවා තිබේ.
එහි තොග ගොඩබෑම අද (30)දින ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
කෙසේ වෙතත් ඩීසල් නෞකා දෙකක් හා පෙට්‍රල් නෞකාවක් මුදල් නොගෙවීම හේතුවෙන් තවදුරටත් කොළඹ වරායේ නැංගුරම් ලා තිබේ.
මේ අතර ලබන නොවැම්බර් මාසයේ මෙරටට ළඟාවීමට නියමිත බොරතෙල් නෞකාවක් සඳහා මූලික ගෙවීම් කළ බව අමාත්‍යාංශය සදහන් කළේය.