Colombo Today Local News

වැලිකඩ සිරදඩුවම් විදින රැඳවියන් 4ක් ධර්මාචාර්ය ඉහළින් සමත්

වැලිකඩ බන්ධනාගාරයේ ‘සුචරිතෝදය’ දහම් පාසලේ අධ්‍යාපනය ලැබූ සිරදඩුවම් විදින රැඳවියන් සිවුදෙනකු ධර්මාචාර්ය විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්ව ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතා පවසයි.

එම රැඳවියන් අතර මරණ දඩුවම නියම වූ 43 හැවිරිදි පුද්ගලයකු ද සිටින බවත් ඔහු විශිෂ්ට සම්මාන 4 ක සහ සම්මාන සාර්ථකයක් ලබාගෙන ඇති බවත් ඒකනායක මහතා සදහන් කරයි.

වසර 25ක සිරදඩුවමක් විදින 52 හැවිරිදි රැදවියකු විෂයන් පහටම විශිෂ්ට සම්මාන ලබාගැනීම කැපී පෙණෙන බව කී ඒකනායක මහතා සෙසු රැඳවියන් දෙදෙනා ද විශිෂ්ට ලෙස සමත්ව ඇති බව ද පවසයි.

Related posts

ගැසට් නිවේදනය මහින්දගේ නමින් ප්‍රකාශයට පත් කළේ මහ බැංකුවේ උපදෙස් මතයි – මුද්‍රණාලයාධීපති

colombotoday

කරදියාන කසළ අංගනයේ නොදිරන අපද්‍රව්‍ය ටොන් 150 ක් කෙරවලපිටියට

colombotoday

ලබන වසරේ සිට ඉන්ධන මිල දෛනිකව සංශෝධනය කරයි

Admin

මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්

Admin

ජනපති නිවස වට කල 54 ක් අත්අඩංගුවට

colombotoday

සත්‍යග්‍රහය අත්හිටුවීමට වරාය සේවකයින්ගෙන් කොන්දෙසියක්

colombotoday