World

සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුව අගමැති ධූරයට නම් කෙරේ

සෞදි අරාබියේ සල්මාන් බින් අබ්දුල්අසීස් රජු විසින් රාජධානියේ අමාත්‍ය මණ්ඩලය නැවත සකස් කරමින් රාජකීය නියෝගයක් නිකුත් කර ඇති බව සෞදි පුවත්පත් ඒජන්සියේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර‍යි.

එම නියෝගයට අනුව, ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු රාජධානියේ අගමැති වනු ඇති.

එමෙන්ම කලීඩ් බින් සල්මාන් කුමරු ආරක්‍ෂක අමාත්‍ය ධුරයට පත්වන අතර තුර්කි බින් මොහොමඩ් බින් ෆාහාඩ් බින් අබ්දුල් අසීස් කුමරු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, අබ්දුල්අසීස් බින් තුර්කි බින් ෆයිසාල් කුමරු ක්‍රීඩා අමාත්‍යවරයා ලෙසත් පත් කිරීම මෙම නියෝගයට අනුව සිදුවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Related posts

ඇමරිකානු සම්බාධක නොතකා 5000km ක් දුර ඉලක්ක විනාශකළ හැකි මිසයිලයක් ඉරානය හදයි

colombotoday

නිවුන් සොහොයුරියන් කොවිඩ් නිසා එකටම අවසන් ගමන් යයි

colombotoday

විද්‍යාඥයින් මවිත කරමින් අඟහරු ලොවෙන් මතු වූ බුදු රුව?

colombotoday

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරවලට විරෝධය දක්වමින් පකිස්ථානයේ සුළුතර හසාරා වැසියන් මරාදැමුනු තම ඥාතීන් භූමදාන කිරීම ප්‍රතික්ෂේප කරති

colombotoday

චීන හමුදා සෙබළුන් පිරිසක් රුසියාවට යන්න හදයි

colombotoday

සයිප්‍රසයේ භූ කම්පනයක්

colombotoday