Colombo Today Local News

දින හතේ දරුවා පනස්දහසකට විකුණන්න හදලා

සත් දිනක් වයසැති බිළිඳකු රැපියල් 50,000 අලෙවි කිරීමට ගිය බව කියන දරුවාගේ මවත් පියා සහ අතරමැදියකු ලෙස කටයුතු කළ බව කියන රජයේ රෝහලක හෙදියකගේ සැමියකු අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්හංශය කියයි.

අනුරාධපුර මල්වතු ඔය ආසන්නයේ පදිංචි 21 හැවිරිදි මවක සහ කැබිතිගොල්ලැව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගනු ලැබු දරුවාගේ මව සිය 42 හැවිරිදි අනියම් සැමියා සමග මල්වතු ඔය ආසන්නයේ තාවකාලිකව සකසා ගත් නිවසක පදිංචිව සිටින බව පොලිසිය කියයි.

මෙම මවට අවුරුදු එක හමාරක් පමණ වයසැති තවත් පිරිමි දරැවකුද සිටින බව පොලිසිය කියයි.

මෙම දරැවා විකිණිම සදහා අනුරාධපුර ප්‍රදේශයේ රජයේ රෝහලක හෙදියක්,ඇටෙන්ඩන් වරියක් හා පාසල් ගුරැවරුන් දෙදෙනකු අතරමැදියන් ලෙස කටයුතු කර ඇති බවට තොරතරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.

Related posts

පුහුණුවීමක් අතරවාරයේ පැරෂුටය පැටලී ගුවන් හමුදා නිලධාරියෙක් ජිවිතක්ෂයට

colombotoday

උසස් පෙළ විභාගය කල් යයි

colombotoday

තේ අපනයනය පහත වැටේ.. සත්වසරකදී අඩුම අපනයන 2016 දී

colombotoday

රජය ගත් යහපත්ම තීරණය පොලිතීන් තහනමයි.. ඊට සහය දෙමු !

colombotoday

පාර හදන්න ඕන තරම් ඉඩ තියෙද්දිත් බෝධිය කපන්න හැදුවැයි ඇමති කිරිඇල්ලට නොතීසි

colombotoday

ඉන්නවද.. යනවද? ඇමති රවී තීරණයක් ගන්න යයි !

colombotoday