Colombo Today Local News

ලේ වැකි අනාගතයක් කරා යන්න පුළුවන් තැනකට රට තල්ලු වෙමින් තියෙන්නේ…

ඉදිරි මාස තුන හතර ඇතුළත වඩාත් දරුණු හා සංවිධානාත්මක ලෙස ජනතා අරගල පරිවර්තනය වී ලේ වැකි අනාගතයක් කරා රට තල්ලු වෙමින් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් හිටපු අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර පවසයි.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේ ඉකුත් දා පැවති තිරසර ප්‍රතිපත්ති හා ජාතික පොදු වැඩපිළිවෙළක් උදෙසා තරුණ සමුළුවට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේ ද කීය.

“කවුරු හරි හිතනවා නම් මේ අරගලය මෙතැනින් ඉවර වුණා කියලා ඒක සම්පූර්ණයෙන් ම වැරදි අදහසක්.

තව මාස තුන හතරක් ඇතුළත මීට වඩා දරුණු ලෙස සංවිධානාත්මක ලෙස මෙයට වඩා ලේ වැකි අනාගතයක් කරා යන්න පුළුවන් තැනකට මේක තල්ලු වෙමින් තියෙන්නේ. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ රෝහල්වලට යනකොට ම පුටුවල වාඩි වෙලා ඉන්න අය දකිනවා. ඒ අයව ගන්නේ ‘සනීපාරක්ෂක කම්කරු’ කියලා.

ඒ වැඩේ කරන්න ලංකාවේ සුද්ධ කිරීමේ ආයතනයකට බිලියන දෙසීය හැට අටක් ගෙවලා තියෙනවා. ගිය අවුරුද්දේ විතරක්. මේ කෝපා කමිටුවේදී අනාවරණය වූ සිද්ධියක්. විශාල ප්‍රමාණයක් තියෙනවා සුද්ධ කර ගන්න ඕනේ දේවල්. මේවා සුද්ධ කරගන්න කොන්දක් තියෙන දේශපාලනඥයෝ නැතිකම තමයි අපිට තිබුණු ප්‍රධාන අර්බුදය.

කවුරු ජනාධිපති, අගමැති වුණත් සියලු පක්ෂ එකතු වෙලා මේ තීන්දුවට දැන්වත් එන්න පුළුවන් නම් හොඳයි. අපිට යළි අවස්ථාවක් එන්නේ නැති වෙයි. පනහක් හැටක් එකතු වෙලා කරන විනාශයක ප්‍රතිඵලයක් විධියට මුළු දෙසිය විසිපහට ම බැනුම් අන්න වෙලා තියෙන්නේ.”

Related posts

ඇෆලටොක්සීන් පිළිකාකාරක රත් කළාට ඉවත් වෙන්නේ නැ | ඉවත් වෙන ක්‍රමය මෙන්න.

colombotoday

“පොහොර හිගය උග්‍ර වෙලා.. ගමට යන්න විදිහක් නෑ” – සජිත්

colombotoday

ඉයන් සුළි කුණාටුවෙන් පසු කියුබාව අඳුරේ…

colombotoday

විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයන් ගෙන්වීම තාවකාලිකව අත්හිටුවයි.

colombotoday

ව්‍යවස්ථා කරුමය මැදට ETCA හෙණයත් කඩා වැටේ.. මාස දෙකක් ඇතුළත අත්සන් කරන බව ඉන්දියාව කියයි

colombotoday

බෙංගමුවේ හිමි ඇතුළු ජාතික සංවිධාන එකමුතුව ඒකාබද්ධ විපක්ෂයට දෙහි කපති !

colombotoday