Colombo Today Local News

ප්‍රජාතන්ත්‍රවාදය,මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් දිගින් දිගටම හඬ නගනවා – අමෙරිකානු තානාපතිනිය

ප්‍රජාතන්ත්‍රවාදය,මිනිස් අයිතාවාසිකම්,නීතිය, යහපාලනය සහ විනිවිදභාවය වෙනුවෙන් අමෙරිකාව දිගින් දිගටම හඬ නගන බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් මහත්මිය පවසයි.

ලංකා තරුණ මුස්ලිම් සංවිධානය හමුවෙමින් ජූලි චන්ග් මහත්මිය පවසා ඇත්තේ අමෙරිකානු රජය ශ්‍රී ලංකාව අනෙකුත් මුස්ලිම් රටවල් සමග පවත්වන සබඳතාව අගයන බවයි.

ශ්‍රී ලංකාවේ තාරුණ ප්‍රජාව රට සාමකාමී ,එකමුතු සෞභාග්‍යමත් රටක් බවට පත් කිරීමට ඉවහල් වනු ඇති බවට තානාපතිනිය මෙහිදී පවසා තිබේ.

නව පරපුරක නායකයින් අනෙක් ප්‍රජාවන්ට ගරු කරමින් සහ ඔවුන්ගේ අවශ්‍යතා හඳුනා ගනිමින් ඔවුන් සමග එක්ව වැඩ කිරීමේ වැදගත්කම ද තානාපතිවරිය මෙහිදී පෙන්වා දුන්නා ය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා ඇතුළු නිතීඥ ප්‍රජාව සත්‍ය ප්‍රකාශ කිරීමටත්,නිතීයේ ආධිපත්‍ය සුරැකීමටත් දරණ වෑයම ද ඇය මෙහිදී පැසසුමට ලක් කළා ය.

Related posts

විශ්වාසභංගය රජය ප්‍රතික්ෂේප කරනවා – අගමැති

Admin

කිරිබත්ගොඩ ගොඩනැගිල්ලක ගින්නක්

colombotoday

හරක් කටාගේ ප්‍රධානම වෙඩික්කරුවෙකු අල්ලයි

colombotoday

පාර්ලිමේන්තුව යටවීමේ අවදානමක්.. ආරක්ෂක අංශ සීරුවෙන්.. වැලි කොට්ට සූදානම්

colombotoday

චමල්, මහින්දානන්ද, විදුර ඇතුළු පහක් ශ්‍රීලනිප සංවිධායක ධුරවලින් ඉවතට ?

colombotoday

කෝටි දෙදහස් පන්සීයක් රජයට පාඩු කරලා.. මුදල් ඇමති ටොප් 10 ලයිස්තුවේ ඉහළටම !

colombotoday