Colombo Today Local News

“අයවැය පිළිබඳව සෑහීමකට පත්වෙන්නේ නෑ…” – විපක්ෂ නායක කියයි

අතුරු අයවැය පිළිබඳ සෑහීමකට පත් වන්නේ නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනපති අයවැය කථාව ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තු සභා ගැබෙන් පිටදී මාධ්‍යට ප්‍රකාශයක් කරමින් කීය.

ශ්‍රී ලංකාවේ අසරණ භාවයට පත්ව සිටින පවුල් පිළිබඳ යුනිසෙෆ් සංවිධාන සංඛ්‍යා ලේඛන සහ අයවැය සංඛ්‍යා ලේඛන අතර පරස්පරතාවක් තිබෙන බවද සජිත් ප්‍රේමදාස මහතා කීය.

අයවැය පිළිබඳ අදහස් දක්වමින් තවදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා:-

අසරණ භාවයට පත්වුණු ජනතාවගේ ගණන අයවැය කතාවේදී හෙළිදරව් කළා. අපිට නම් ඒ පිළිබදව එකඟ වෙන්න බැහැ. මොකද යුනිසෙෆ් වාර්ථාව කියෙව්වොත් ඒ වාර්ථාවේ සඳහන් වෙලා තිබෙනවා මව්වරුන්, දරුවන් දැරියන් කොපමණ අනාරක්ෂිත භාවට පත්වෙලා තිබෙනවාද කියලා. ඒ සංඛ්‍යාලේඛන පහත දමලා පවුල් 61,000ක් ව්‍යසනයට පත්වෙලා ඉන්න බව අයවැයෙන් කියනවා.දත්ත පිළිබඳව බරපතල ගැටලුවක් තිබෙනවා.රටේ විශාල පරිමාණයක් අසහනයට පීඩනයට, අසරණ භාවට පත්වෙලා තිබෙනවා. රජයක් උපයන මුදල මීට වැඩිය ඵලදායීව රටේ ජනතාවගේ සුබසිද්ධිය උදෙසා කැපකළ යුතු බවට අප විශ්වාස කරනවා. ඒ නිසා අපි නම් මේ අයවැය පිළිබඳව සෑහීමකට පත්වෙන්නේ නෑ.

Related posts

කතක් දුෂණය කර මරා දා දේපළ කොල්ලකෑ ඝාතනයෙක් අල්ලයි

Admin

පන්දම් දල්වන් සජබෙ මහබාගේ විරෝධතාවක

colombotoday

විල්පත්තුවේ වන විනාශයක් නැහැ – බදුර්දින්ගේ ගෝලයා ගෙනආ යෝජනාව ඒකමතිකව සම්මත වේ

colombotoday

මුලතිව් විහාරස්ථාන රැකදෙන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයක්.

colombotoday

අර්ජුන් ඇලෝසියස්‌ ෆොන්සේකාටත් සල්ලි දීලා

colombotoday

මුල්ලිකුලම් නාවික කදවුර ඉවත් කරන්නැයි TNA මෙහෙයවීමෙන් විරෝධතා

colombotoday