Colombo Today Local News

“හරිම කනගාටුයි. රන්ජන් ට ලැබිලා තියෙන්නේ අර්ධ නිදහසක්.” – විපක්ෂ නායක සජිත්ගෙන් ප්‍රකාශයක්

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ ඇතිවන පළමු පුරප්පාඩුවේදීම රන්ජන් රාමනායක මහතාව පාර්ලිමේන්තුවට ගෙනඒමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ ජනාධිපති සමාව ලැබූ රන්ජන් රාමනායක මහතා සහභාගී වූ මාධ්‍ය හමුව එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,

“හරිම කනගාටුයි. රන්ජන් ට ලැබිලා තියෙන්නේ අර්ධ නිදහසක්. ප්‍රජාතන්ත්‍රවාදී අයිතියත් හිමිවෙන්න තිබ්බා. අපි යෝජනා කරනවා ජනාධිපතිතුමාට සියලුම දේශපාලන අයිතිවාසිකම් සහිතව ඒ නිදහස රන්ජන් රාමනායක මහතාට ලබාදෙන්න කියලා. නමුත් අපි ඒක මේ අවස්ථාවේ දැඩි ලෙස විවේචනය කරන්න යන්නේ නැහැ. නමුත් මේ නිදහසෙන් අපි සෑහීමකට පත්වෙන්නේ නැහැ.”

“එතුමාව කවුරුත් පාලනය කරන වහලෙක් නෙමෙයි. හරි තැනට එතුමා එයි. ඇදලා ගන්න ඕනේ නැහැ.”

Related posts

කුඩු කෑ විත්තිය යළිත් පාර්ලිමේන්තුවට… රන්ජන්ට එජාපයෙන් දැඩි විරෝධයක්…

colombotoday

පනත් කෙටුම්පත් තුනක් බලාත්මක කරන්න කථානායකගේ සහතිකය

Admin

ත්‍රිරෝද රථ දෙවන කිලෝමීටරයට අය කළ ගාස්තු පහළට

colombotoday

රාජ්‍ය වෙසක් උත්සවයත් අත්හිටුවයි

colombotoday

රාති‍්‍ර කාලයේ පුහුණුවිම් කරන මුස්ලිම් දේවස්ථානයක් වටලයි

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය නැති කොවිඩ් එන්නතක් ගෙනවිත් ලංකාවේ ජනතාව යොදා පර්යේෂණ කීරීමේ සූදානමක් !

colombotoday