Colombo Today Local News

ජනතා පීඩනය ආණ්ඩුවට ත්‍රස්තවාදයක්.. සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලා සිටි තරුණයින්ව මර්ධනය කරමින් සිටිනවා

ජනතා පීඩනය ආණ්ඩුවට ත්‍රස්තවාදයක් බවට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.

රට මුහුණ දී ඇති බරපතළ අර්බුද වලට විසදුම් ලබා දීම වෙනුවට සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලා සිටි තරුණයින්ව මර්ධනය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

රටේ ජනතාව දහසකුත් පීඩා වලින් දුක්විඳින විට පාලකයින් කළ යුත්තේ ඇමති කැරට් අල දිගු කිරීම නොවන බවත් ජාතික මහජන සභාව-කලාකරුවන්ගේ හමුවකට කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී එක්වෙමින් ඔහු පැවසීය.

කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් ජන අරගලය වෙනුවෙන් මැදිහත් වෙමින් එතෙක් පැවති ක්‍රමය වෙනස් කිරීමට ලබාදුන් දායකත්වය කිසිසේත් අමතක කළ නොහැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා මිනිසුන්ගේ පීඩාවන් මත ගොඩනැගෙන අරගලය ත්‍රස්තවාදයක් ලෙස වර්තමාන ජනාධිපති සහ ආණ්ඩුව සලකන බවද පැවසීය.

ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව කොන්දේසි විරහිතව පෙනී සිටින බවත් අරගලයට දායක වූ පිරිස් අත්අඩංගුවට ගැනීම සහ ඔවුන්ව මර්ධනය කිරීම තරයේ හෙළා දකින බව ද විපක්ෂ නායකවරයා තවදුරටත් කීවේය.

Related posts

හොරට ගෙනා කරුංකා කන්ටේනර් 100ක් ප්‍රබල ඇමති රේගුවෙන් පන්නයි

colombotoday

පාසල් යන මුවාවෙන් සිසුන්, දෙමාපියන් SPA වල

colombotoday

සිව් හැවිරිදි දරුවෙක් ළිඳකට වැටී ජීවිතක්ෂයට

Admin

ඉතිහාසයේ මුල්වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පස්දෙනක් කරපු දේ…

colombotoday

TID නාලක සිල්වාට තවත් බරපතල චෝදනාවක් : අත්අඩංගුවට ගැනීමට යයි !

colombotoday

දිනේෂ් ශාෆ්ටර් ඝාතනය : දුරකථන හතරක වාර්තා කැඳවයි

Admin