ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.
අදාළ කටයුතු සම්පාදනය සඳහා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත් කර ඇති මෙහෙයුම් කමිටුව විසින් පිළියෙල කර ඇති දළ කෙටුම්පත මත පදනම්ව පනත් කෙටුම්පතක් සකස් කිරීමටත් එහිදී අනුමැතිය හිමිව තිබේ.