Colombo Today Local News

iPhone 39ක් සහ රත්‍රං කිලෝ 3ක් සමග 6ක් අත්අඩංගුවේ

තීරුබදු නොගෙවා දිවයනට රැගෙන ආ රත්‍රං කිලෝ 03 කට වැඩි ප්‍රමාණයක් සහ අයි ෆෝන් වර්ගයේ ජංගම දුරකථන 39 ක් සමග කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු සැකකරුවන් 06 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද අලුයම ඩුබායි සිට පැමිණි මොවුන් රේගු ප්‍රදේශය පසුකර පැමිණිමේ පර්යන්තයෙන් පිටතට පැමිණිමේදීයි විශේෂ පරීක්ෂාවකට ලක් කර ඇත.

එහිදී ඔවුන්ගේ ගමන් මලු තුළ සගවා තිබූ රත්‍රං තොගය සහ ජංගම දුරකථන හමුවී ඇත.

මෙම භාණ්ඩ සමග අත්අඩංගුවට සැකකරුවන් 45, 48, 50 සහ 51 වියෙහි පසුවන අතර සැකකාරියන් 40 සහ 41 වියෙහි පසු වේ.

මොවුන් අකුරණ – මීගමුව සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

Related posts

රවී මුදල් ඇමතිකමෙන් ඉවත් කරන්න අගමැතිට යෝජනාවක්

colombotoday

ශ්‍රීලනිප මීළග ජනපති අපේක්ෂක ධුරයත් මෛත්‍රීට – යෝජනාව ස්ථීර වෙයි

colombotoday

කොරෝනා පළමු මරණය වාර්තා වන විට රෝගීන් ප්‍රමාණය 113 දක්වා ඉහලට

colombotoday

විහාරස්ථාන භූමියක නිධන් හාරමින් සිටි චීවරධාරියෙකු ඇතුළු පිරිසක් අල්ලති

colombotoday

ගෝඨා ශ්‍රීලනිපයට ගත්තොත් මං ඉන්නෙ නෑ.. සමහරු කියනව මට අංශභාගෙලු

colombotoday

සාපරාධී අපහාසයක්, සශී වීරවංශගෙන් රන්ජන්ට නඩු…

colombotoday