Colombo Today Local News

රනිල්ගේ නිවසට හානි කල සැකකරුවන් අල්ලන්න මහජන සහය ඉල්ලයි – ඡායාරූප 14 ක් එළියට

ජුලි 09 වන දින ඇති වූ කළහකාරී හා ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලදී කළහකාරී පිරිස් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අංක 119, පස්වන පටුමග, කොළඹ 03 ලිපිනයේ පිහිටි පුද්ගලික නිවසට රාත්‍රී කාලයේ අයුතු ලෙස ඇතුළු වී පහරදී ,ගින්නෙන් හානි කර, දේපල විනාශ කිරීම සම්බන්ධව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇති අතර සැකකරුවන් හඳුනාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහය පතයි.

මෙම සිදුවීමට අදාලව ලබාගත් සමීප ආවේක්ෂණ දර්ශන හා විමර්ශනයට අදාලව ලබාගත් විඩීයෝ දර්ශන ඇසුරින් මෙම හානි සිදු කිරීමට සම්බන්ධ ප්‍රධාන ක්‍රියාකාරීන් ලෙස හඳුනාගත් පුද්ගලයන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා අවශ්‍යව ඇත.

ඒ අනුව, නිවැරදි අපරාධකරුවන් හඳුනාගනිමින් අවශ්‍ය නෛතික පියවර ගැනීම සඳහා මීට අදාළ ඡායාරූප 14 ක් මාධ්‍ය වෙත යොමු කර තිබේ.

මෙම ඡායාරූප වල සිටින පුද්ගලයින් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් WhatsApp මඟින් හෝ ඇමතුම් මගින් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

071-8594950 දුරකථන අංකය : 071-8594929 011-

Related posts

ෂැංග්‍රීලා බෝම්බකරුගේ තඹ කම්හලේ 9 දෙනෙකුට ඇප ලැබෙයි.

colombotoday

ආණ්ඩු පක්ෂයේ අසුන් ගන්නා බව අතාවුල්ලා කියයි

colombotoday

මහින්ද අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි…

colombotoday

අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

Admin

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවතත් පිබිදෙමින් පවතිනවා – IMF වෙතින් සහතිකයක් !

colombotoday

බදු ගෙවමු, කොටි නගමු !

colombotoday