Colombo Today Local News

අරගලකරුවන්ට එක්වූ කොස්තාපල් අත්අඩංගුවට

ජුලි 09 වෙනිදා මහරගමදී අරගලකරුවන් සමඟ එක්වී ඇති නිලධාරියා බවට හඳුනාගෙන ඇති පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබේ.

අද අළුයම් කාලයේදී පාවහන් යුවලක් පැළද ගාලුමුවදොර අරගල භූමියේ රැදී සිටියදි මෙම පොලිස් නිලධාරියාව කොටුව පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

මෙම නිලධාරියා කොස්තාපල්වරයෙක් වන අතර ඔහු පොලිස් ප්‍රවාහන කොට්ඨාශයට අනුයුක්තව සේවයේ නිරතව සිටින්නෙක්.

කොටුව පොලීසියේ උසස් නිලධාරියෙක් සඳහන් කරන්නේ, පාවහන් පැළද නිල ඇදුමින් මෙම නිලධාරියා සැකකටයුතු ලෙස එහි රැදී සිටීම නිසා අත්අඩංගුවට ගත් බවයි.

ඔහුට පොලිස් ඇප දී මුදා හරින බවද ඔහු පවසයි.

කෙසේ වෙතත් ඔහු සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විසින් විනයානුකූල පියවර ගැනීමට නියමිතය.

Related posts

රනිල්ගේ රුව නැති නිසා ප්‍රචාරක පත්‍රිකා බෙදන්න ආසන සංවිධායකයෝ බෑ කියති !

colombotoday

රිෂාඩ් බදුර්දීන් විල්පත්තුවෙන් දැව ඝන මීටර දහස් ගණනක් සොරකම් කරලා

colombotoday

බදුර්දීන් සහ හකීම් නීතිය හමුවට පමුණුවන්න. පාස්කු කාරක සභාව ගැන විශ්වාසයක් නෑ

colombotoday

ඉල්ලා අස් වූ ඇමතිවරු 5කට ලිපි භාරදෙන්න ජනපති නෑ

colombotoday

මහින්දගේ මන්ත්‍රීකමයි ප්‍රජා අයිතියයි දෙකම අහෝසිකර දැමිය යුුතුයි – චන්ද්‍රිකා

colombotoday

ජනපතිගෙන් කතානායකට පොරොන්දුවක්…

colombotoday