World

ඇෆ්ගනිස්ථාන භූමිකම්පාවකින් 250ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ පක්ටිකා පළාතේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් අවම වශයෙන් 250 ක් පමණ මිය ගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇෆ්ගනිස්ථාන පළාත් පාලන නිලධාරියෙකු බීබීසී පුවත් සේවයට පවසා තිබෙන්නේ මියගිය සංඛ්‍යාව 250 කට වැඩි සංඛ්‍යාවක් බවත් තවදුරටත් එය ඉහළ යාමට ඉඩ ඇති බවයි.

එමෙන්ම තවත් 150 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවද සඳහන් කරයි.

ගිනිකොනදිග නගරයක් වන Khost සිට කිලෝමීටර් 44ක් (සැතපුම් 27ක්) පමණ දුරින් මෙම භූමිකම්පාව හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානයට අනුව, ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය සහ ඉන්දියාවේ කිලෝමීටර් 500 කට වඩා වැඩි ප්‍රදේශයක කම්පන තත්ත්වය දැනී ඇති බව රොයිටර් පුවත් සේවය සඳහන් කරයි.

Related posts

92 දී රියදුරු බලපත්‍රය ගන්න ගිය ආච්චි

colombotoday

ඇමෙරිකාවේ කොවිඩ් මරණ 100000ක් විය හැකි බවට ට්‍රම්ප් පිළිගනියි

colombotoday

ලෝක කුසලානය අහිමි වීම දරාගන්න බැරිව ඉන්දීය තරුණයෙක් මැරිලා

Admin

එමිරේට්ස් ඊශ්‍රායලයට ගුවන් ගමන් අත්හිහිටුවයි

Admin

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් මිලියන 23 ඉක්මවයි

colombotoday

කුමාර් සානුට කොරෝනා

colombotoday