Colombo Today Local News

ජපානයේ සේවය කල ශ්‍රී ලාංකිකයෙක් මරුට… සැකකරුත් ශ්‍රී ලාංකිකයෙක්

ජපානයේ ටෝකියෝ නගරයේ ඊසාන දෙසින් පිහිටි ඉබරාකි ප්‍රාන්තයේදී ශ්‍රී ලාංකිකයෙකු මරණයට පත් වී තිබේ.

ඉබරාකි ප්‍රාන්ත පොලිසිය එය මනුෂ්‍ය ඝාතනයක් යැයි සැක කර විමර්ශනය කරන බව එරට මාධ්‍ය වාර්තා කළේය.

එලෙස මරණයට පත් වී ඇත්තේ, 45 හැවිරිදි උපුල් රෝහණ ධර්මදාස නම් පුද්ගලයෙකි.

පසුගිය ඉරිදා (ජූනි 5) බන්ඩෝ නගරයේ පිහිටි කර්මාන්ත ශාලාවක සේවකයින් පිරිසක් අතර ගැටුමක් හටගෙන ඇතැයි පොලිසියට දුරකතන ඇමතුමක් ලැබී ඇත.

එම අවස්ථාවේදී අදාළ ශ්‍රී ලාංකිකයා වම් උරහිසෙහි ලේ ගලමින් සිටියදී හමු වූ බව ඉබරාකි පොලිසිය ප්‍රකාශ කර තිබේ.

පොලිසිය ඔහු රෝහල්ගත කිරීමට කටයුතු කළ ද ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්වී ඇතැයි වෛද්‍යවරු තහවුරු කර ඇත.

මිය ගිය ධර්මදාස බන්ඩෝ නගරයේ දිවි ගෙවා තිබේ.

එම ස්ථානයේ තිබී ලේ තැවරුණු පිහියක් පොලිසිය සොයා ගෙන ඇතැයි ජපාන මාධ්‍ය සඳහන් කර ඇත.

මිය ගොස් ඇති පුද්ගලයාට එම කර්මාන්ත ශාලාවේ ම සේවය කරන තවත් 29 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු සමග ගැටලු පැවති බවට බොහෝ සේවකයින් පොලිසියට ප්‍රකාශ කර තිබේ.

එම ශ්‍රී ලාංකිකයා ද අපරාධ වූ ස්ථානයේ සිට ඇති බවත් මේ වන විට ඔහුගෙන් පොලිසිය ප්‍රශ්න කරන බව ත් ජපාන මාධ්‍ය වාර්තා කළේය.

Related posts

නාමල් කුමාරගේ දුරකථනයේ මකා දැමූ දත්ත නැවත ලබාගැනීමට හැකිවුණා – CIDය අධිකරණයට දන්වයි.

colombotoday

විරෝධතාවයක් උණුසුම්

Admin

බලය බෙදීම ගැන ජනාධිපතිවරයාගේ අභියෝගය මහජන රාජ්‍ය සභාව භාර ගනී

colombotoday

මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ කරන ප්‍රකාශවලට එළියේදී නඩු පැවරිය නොහැකි – කථානායක කියයි

Admin

ජනාධිපතිගේ නියෝග නීතියක් කිරීම වැරදියි. ඒවා චක‍්‍රලේඛ සේ සැලකීම ඉතා අනතුරුදායකයි

colombotoday

මනෝ ගනේෂන් රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කර මැතිවරණ නීති කඩ කරමින් පත්වීම් දෙයි

colombotoday