අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.
එම නියෝගයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, අදාළ වාරණ නියෝගය ලබන 20 වන දා දක්වා බල පැවැත්වෙන බව ය.