Colombo Today Local News

එරෝෆ්ලෝට් ගුවන් සමාගම ශ්‍රී ලංකාවට තැපැල් භාණ්ඩ ප්‍රවාහනය නවතයි

රුසියාව සඳහා වන ගුවන් තැපෑල ප්‍රවාහනය කළ එරෝෆ්ලෝට් රුසියානු ගුවන් සමාගම විසින් ශ්‍රී ලංකාව වෙත පැමිණෙන ගුවන් ගමන් නතර කිරීමට තීරණය කර තිබේ.

එම නිසා තැපෑල ප්‍රවාහනය සඳහා සුදුසු වැඩපිළිවෙළක් සකසන තෙක් රුසියාව සඳහා තැපැල් ප්‍රවාහනය තාවකාලිකව නතර කිරීමට සිදු වී ඇත.

ඒ අනුව නියෝජ්‍ය තැපැල්පති තැපැල් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී තිබෙන්නේ රුසියාව වෙත භාර ගන්නා සියලු ම තැපැල් භාණ්ඩ වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නතර කරන ලෙස කවුළු නිලධාරින් දැනුවත් කරන ලෙසයි.

කෙසේවෙතත් ගුවන්ගමන් කටයුතු යථා තත්ත්වයට පත්වීමෙන් අනතුරුව රුසියාව වෙත සිදුකරන තැපැල් භාණ්ඩ ප්‍රවාහන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බව තැපැල්පති රංජිත් ආරියරත්න ප්‍රකාශ කර තිබේ.

Related posts

ආර්ථිකය ස්ථාවර වෙන්න මාස 18ක් ගතවෙනවා – අගමැතිවරයා ජාත්‍යන්තරයට කියයි.

colombotoday

දුරදිග ගිය ආරවුලක් තරුණයෙකුට මරු කැදවයි

colombotoday

තිලක් මාරපන විදේශ අමත්‍යදුරයෙන් ඉවත් කිරීමට ජනපති අවධානය

colombotoday

ගුවන් ටිකට්පත් මිල අඩු වෙයි

Admin

සරුංගල් යැවීමට වත්තකට ගිය සිසුවකුට මුරකරු වෙඩි තියලා

colombotoday

අටමස්ථානාධිපති හිමියන්ට දුන් අටපිරිකරක ගඩොල් බාගයක්..!

colombotoday