Colombo Today Local News

ශ්‍රී ලාංකිකයින් 5800කට කොරියාවේ රැකියා

කොරියානු රැකියා සඳහා සුදුසුකම් ලබා ඇති 5800ක් ඉදිරි මස හය ඇතුළත කොරියාවට පිටත් කර යැවීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක වෙමින් පවතී.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සහ කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ මෙරට නේවාසික නියෝජිත ලී අතර පැවති හමුවකදී කොරියානු රැකියා සඳහා සුදුසුකම් ලබා ඇති ශ්‍රමිකයන් පිටත් කර යැවීම සම්බන්ධයෙන් සාකච්ඡා සිදු වී ඇත.

කොරියානු රැකියා සදහා පිටත් ව යාමට සුදුසුකම් ලබා සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිටත් කර යැවීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් මනුෂ නානායක්කාර කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කර ඇති අතර ඒ සදහා සාධනීය විසදුමක් ලබාදීමට එකඟ වූ කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ නේවාසික නියෝජිතවරයා ඉදිරි මාස හය තුළ දී රැකියා සදහා සුදුසුමකම් ලබා ඇති 5800ක් කොරියාවට ගෙන්වා ගන්නා බවට සහතික වී ඇත.

ඒ අනුව ඉදිරි සතියේ සිට සතියට එක් ගුවන් යානයකයින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 200 දෙනෙකු බැගින් කොරියාවට රැගෙන යාමට නියමිත අතර ඉන් පසු ව එය සතියකට ගුවන් යානා දෙකක් දක්වා වැඩි කිරීමට ද නියමිත බවට තොරතුරු වාර්තා වේ.

Related posts

උපාධිධාරීන් 5000ක් රාජ්‍ය සේවයට බදවා ගැනී… කැබිනට් අනුමැතිය හිමිවේ

colombotoday

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සභාපති ජෙෆ්රි අලෝසියස් CID අත්අඩංගුවට

colombotoday

ලක්ෂ 6යේ පුටුව ගැන විමල්ගෙන් හදුන්නෙත්තිට පිළිතුරු !

colombotoday

ජනපති කිසිසේත්ම ඉල්ලා අස්වෙන්නේ නැහැ – ජොන්ස්ටන්

colombotoday

දෙමටගොඩ වෙඩිතැබීමට අදාළ CCTV දර්ශණ නිකුත්වෙයි (VIDEO)

colombotoday

තවත් බහුජාතික මාෆියාවක් පාරිභෝගිකයන් අන්දන හැටි අධිකරණයේදී හෙළිවෙයි…

colombotoday