Colombo Today Local News

මරණීය දණ්ඩණය නියම කෙරුනු දුමින්ද සිල්වාගේ ජනාධිපති සමාව අත්හිටුවයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ලබා දී තිබූ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවීමට තීරණය කර තිබේ.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ඇගේ මව විසින් ගොනු කර තිබූ මුලික අයිතිවාසිකම් කඩවීමේ පෙත්සමක් අද විභාගයට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ බවට වරදකරු වී සිරගතව සිටි දුමින්ද සිල්වා ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කෙරුණි..

ඔහු ඇතුළු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන ලද සිරකරුවන් 93 දෙනා අතර ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනුණු රැඳවියන් 16 දෙනෙකි.

භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳව වැරදිකරුවන් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනෙකුට මරණීය දණ්ඩණය නියම කෙරුණේ, 2016 වසරේ සැප්තැම්බර් මස 8 වෙනිදායි.

එහිදී, බහුතර විනිසුරු මඬුල්ල තීන්දුව දෙමින් කියා සිටියේ, විත්තිකාර දුමින්ද සිල්වා කලක පටන් මියගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර සමග අමනාපයකින් පසුවූ බව පැහැදිලි වී ඇති බවයි.

මේ හේතුවෙන් අදාළ ඝාතනයට දුමින්ද සිල්වා ඇතුළු කණ්ඩායම වගකිය යුතු බවට සාක්ෂි මගින් තහවුරු වී ඇති බව කී බහුතර විනිසුරුවරු ඒ අනුව මරණීය දණ්ඩනය පැනවීමට තීන්දු කර තිබුණි.

තීන්දුව ලබා දුන් පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකයන් වූයේ,

ප්‍රියසාද් ඩෙප් – එවක අගවිනිසුරු
බුවනෙක අලුවිහාරේ
ප්‍රියන්ත ජයවර්ධන
විජිත් මළල්ගොඩ
නලීන් පෙරේරා

Related posts

රියාජ් බදියුදීන්ගේ රිට් පෙත්සම සලකා බැලීමට දින නියම වේ

colombotoday

ජනපතිගේ ආරාධනය විපක්ෂ නායක පිළිගනී

colombotoday

සෞඛ්‍ය නීතී කැඩු බස්නාහිර ආයතන 473 කට නඩු

colombotoday

ශ්‍රී ලංකාවේ කොවිඩි අරමුදලට මුදල් සොයා ඔස්ට්‍රේලියාවේදී ආහාර ප්‍රදර්ශනයක්

colombotoday

මහනුවර ,ගලගෙදර ගම්මානයකට සංචරණ සීමා පනවයි

colombotoday

පැය 12 ක විදුලි කප්පාදුවකට යන්න වෙයි – මහජන උපයෝගිතා කොමිසම

colombotoday