Colombo Today Local News

පාස්කු ඝාතක ඊබ්‍රහිම් සොහොයුරන්ගේ පියා වන, ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂක ඊබ්‍රහිම්ට ඇප.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි, පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකුගේ පියා වන කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් සහ තව ත් විත්තිකරුවෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

ඇප මත නිදහස් කර ඇති අනෙක් විත්තිකරු මොහොමඩ් හිජාස් නැමැත්තෙකි.

විත්තිකරුවන් අද (මැයි 25) කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් එම නියෝගය ලබා දෙන ලදී.

2019 අප්‍රේල් 21 වන පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට නියමිත බව තොරතුරු දැනගෙන ඒ පිළිබඳව පොලිසියට තොරතුරු වසන් කළේ යැයි චෝදනා කොට දෙමටගොඩ, මහවිල උද්‍යානයේ පදිංචි කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඉබ්‍රාහිම් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා දණ්ඩ නීති සංග්‍රහය යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබිණි.

අනෙක් සැකකරු වන මොහොමඩ් ඉස්මයිල් අහමඩ් යන පුද්ගලයාගේ ඇප ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

Related posts

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් නිදහස්

Admin

මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවසේ සිටි පී.සී ට පිහිපහරක්

Admin

විල්පත්තු වන සංහාරයේ සැබෑව හා මිත්‍යාව

colombotoday

බුත්තල SI තරුණිගේ ගෙල කපා වෙන්කෙරුවේ නාන කාමරයේදී

colombotoday

දේශබන්දු තෙන්නකෝන්ට පහර දුන් අය අල්ලන්න පොලිසිය උදව් ඉල්ලයි

colombotoday

අධික වර්ෂාවෙන් කොළඹ යටවේ – කුණු කාණු නඩත්තු නොකිරීම හේතුවයි

colombotoday