Colombo Today Local News

චමල් රාජපක්ෂගේ නිවසක පොහොර, ඩීසල්, වී ගබඩා…

හිටපු ඇමැති චමල් රාජපක්ෂට අයත් නිවෙස් දෙකක සහ උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්ට අයත් ගොවිපොළක තිබු රසායනික පොහොර තොගයක් ගොවීන්ට බෙදා දීමට විරෝධතාකරුවන් කටයුතු කර ඇත.

මෙම විරෝධතාකරුවන් තිස්සමහරාම කිරින්ද මාගම ප්‍රදේශයේ පිහිටි හිටපු ඇමැති චමල් රාජපකක්ෂට අයත් නිවසකට කඩා වැදී එහි ගබඩාවක සඟවා තිබූ යූරියා පොහොර මිටි 300ක්, ඩීසල් ලීටර් 3000ක්, වී මිටි 200ක තොගයක් සහ රතු පරිප්පු තොගයක් ප්‍රදේශයේ ජනතාවට බෙදා දී පසුව එම නිවසට ගිනිතබා විනාශකර තිබේ.

එමෙන්ම හිටපු ඇමැතිවරයාගේ තිස්සමහරාම සේනපුර පිහිටි නිවසට හා කාර්යාලයට විරෝධතාකරුවන් පෙරේදා (09 වැනිදා) රාත්‍රි පහර දී දැඩි අලාභහානි කර තිබේ. එහි දී කාර්යාලයේ තිබූ ලිපි ලේඛන සියල්ලක්ම විනාශකර දමා තිබුණි.

මේ අතර උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්ට අයත් දිඹුලාගල බඳනාගල පිහිටි ගොවිපළකට ඊයේ (10 වැනිදා) සවස තුනට පමණ කුපිත වූ ප්‍රදේශවාසීන් පිරිසක් ගිනි තබා දේපළවලට අලාභ හානි සිදු කර ඇති බව සිරිපුර පොලිසිය කියයි.

අක්කර 50 කින් සමන්විත මෙම ගොවිපළේ පිහිටි ගබඩාවක යූරියා පෝර මිටි හාරසියයකට ආසන්න ප්‍රමාණයක් සහ තවත් රසායනික පෝර මිටි තොගයක් තිබී ඇති අතර ඒවා ගොවීන්ගේ භාරයටද ගෙන තිබේ.

එම ගොවිපල ගබඩාවේ තිබූ අත් ටැක්ටර් කීපයකට ද කුපිත වූ පිරිස් ගිනි තබා විනාශ කොට ඇති අතර ගබඩාවේ තිබූ වී මිටි විශාල ප්‍රමාණයකට ගින්නෙන් හානි වී ඇති බව ද පරීක්ෂණ සිදුකරන සිරිපුර පොලිසිය කියයි.

Related posts

මද්දට හසුව සිටියදී බෙරා ගත් දිවියාට ප්‍රතිකාර කර කැළෑවට මුදාහරී

colombotoday

ගෝඨා ඇතුළු යුද විරුවන් තොගයක් හෙට අලුත්කඩේ අධිකරණයට !

colombotoday

පුහුණු රාජකාරියක් අතරතුර දියේ ගිලී නාවික සෙබළෙක් ජීවිතක්ෂයට

Admin

අමරවීර හාද්දී රතන හිමිත් මඩට බහී..

colombotoday

මෙවර යල කන්නයේ වී කිලෝවකට උපරිම මිලක්

colombotoday

උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම්වල නිරතවීමට ආචාර්යවරුන් තීරණය කරයි

Admin