Colombo Today Local News

ගාලු මුවදොර අරගලය සාමය බිඳවැටීමකට හා මහජන ආරක්‍ෂාවට තර්ජනයක් – කොටුව පොලිසියෙන් අධිකරණයට වාර්තාවක්

දින ගණනාවක් තිස්සේ ගාලු මුවදොර පිටියට රැස්වන දහස් සංඛ්‍යාත ජනතාවක් දිවා රෑ නොබලා ජනාධිපතිවරයා ඇතුළු රජයට එරෙහිව දියත් කර ඇති විරෝධතා ව්‍යාපාරය සාමය බිඳවැටීමකට හා මහජන ආරක්‍ෂාවට තර්ජනයක් විය හැකි යැයි කොටුව පොලිසිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කරමින් පෙන්වා දී තිබේ.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන තරුණ තරුණියක් ඇතුළු විශාල පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය අසල හා ඊට ආසන්න ප්‍රදේශවල තාවකාලික කුඩාරම් ඉදිකර රැඳීසිටීම නිසා මාර්ගයේ ගමන් කරන මගීන්ට හා යාන වාහනවලට දැඩි තදබදයකට මුහුණදීමට සිදුවී ඇති බවත් එකී විරෝධතා ව්‍යාපාරයට එක්වූ පුද්ගලයන් දෙදෙනෙකු හෘදයාබාධවලට ගොදුරුවී මේ වනවිට මියගොස් ඇති බවත් කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ අත්සනින් ඉදිරිපත් කළ එම තොරතුරු වාර්තාව මගින් අධිකරණයට පෙන්වා දී ඇත.

එලෙස ඇතිවන තදබදය නිසා යම්කිසි කලහාකාරී සිද්ධියක් හෝ දැඩි මහජන පීඩාවක් ඇති වුවහොත් ඒ පිළිබඳව විමර්ශන සිදුකර බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කිරීමට පියවර ගන්නා බව ද අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා වෙත ඉදිරිපත් කළ එම තොරතුරු වාර්තාව මගින් අධිකරණයට පෙන්වා දී තිබේ.

Related posts

ඉහල වත්කම් ඇති පුද්ගලයින් පිලිබද ආදායම් දෙපාර්තමේන්තුවේ අවධානය

Admin

වැලිකඩ ගිය තිළිණි ළග දුරකථනයක්

colombotoday

කළුගඟේ මැණික් නිධානය රකින්න STF යොදවයි…

colombotoday

හිටපු ජනපතිට ගෞරවනීය තනතුරක් ඉල්ලුවේ නෑ

colombotoday

රණවිරුවන් 2200ක් දිවිදුන් අලිමංකඩ කඳවුරු භුමියේ ඔබ නොදත් කතාව

colombotoday

මහනුවරින් පෙට්‍රල් බෝම්බ 23ක් සොයාගනී

colombotoday