Colombo Today Local News

අවුරුදු දවස් දෙකේ විදුලි කප්පාදුවක් නැහැ..

සති අන්තයේ විදුලිය කැපෙන්නේ මෙහෙමයි

අප්‍රේල් 13 සහ 14 දෙදින විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

මේ අතර සති අන්තයේ විදුලි කප්පාදුව සිදු කරන කාලය ද අඩු කර තිබේ.

ඒ අනුව හෙට (09) දිනයේ විදුලි කප්පාදුව පැය 2ක් වන අතර අනිද්දා (10) විදුලි කප්පාදුව පැයක කාලයකට සීමා වනු ඇති.

කෙසේ වෙතත් අද (8) දිනයේ පැය 6 යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිත ය.

ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේ, A, B, C, D, E, F , G, H, I, J ,K , L දක්වා කාණ්ඩයට පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පැය 4 ක් ද,පස්වරු 5.00 සිට රාත්‍රී 7.30 දක්වා පැය 2 යි විනාඩි 30 ක් ද, විදුලිය කප්පාදු කරන බවයි.

P, Q, S ,R ,T ,U, V, W යන කලාපවලට පෙරවරු 10.00 සිට පස්වරු 6.00 දක්වා පැය 4 ක් හා පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පැය 2 යි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇත.

කොළඹ නගරයේ වාණිජ කලාපයේ විදුලි සැපයුම පෙරවරු 6.00 සිට පෙරවරු 9.30 දක්වා පැය 3 යි විනාඩි 30 ක් කප්පාදු කරන බව ද විදුලිබල මණ්ඩලය නිවේදනය කළේ ය.

Related posts

දිනේෂ් ශාෆ්ටර් ඝාතනය : දුරකථන හතරක වාර්තා කැඳවයි

Admin

බුදුරුව සහිත සාරියක්‌ ඇන්ද කතක් පොලිස් අත්අඩංගුවට

colombotoday

ජුලි 06වනදා සිට පාසල් යලි විවෘතයි

colombotoday

රත්නපුර මහ රෝහලේ වාට්ටු දෙකක් වසා දමයි

colombotoday

ඊයේ විරෝධතා වලින් 84ක් තුවාල ලබා රෝහලට

colombotoday

සම්බන්ධන් ඇතුළු පිරිස ගිය වාහනවලට සෙරෙප්පුවලින් පහර දෙති

colombotoday