අද (6) ත් පැය 6.00 යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදු කෙරේ.
ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ, A සිට L දක්වා කලාප 12 ට පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පැය 4 ක් ද, පස්වරු 5.00 සිට රාත්රී 7.30 දක්වා පැය 2 යි විනාඩි 30 ක් ද, විදුලිය කප්පාදු කරන බවයි.
P සිට W දක්වා කලාපවලට පෙරවරු 10.00 සිට පස්වරු 6.00 දක්වා පැය 4 ක් හා පස්වරු 6.00 සිට රාත්රී 11.00 දක්වා පැය 2 යි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.
කොළඹ නගරයේ වාණිජ කලාපයේ විදුලි සැපයුම පෙරවරු 6.00 සිට පෙරවරු 9.30 දක්වා පැය 3.00 යි විනාඩි 30 ක් කප්පාදු කරන බව ද විදුලිබල මණ්ඩලය නිවේදනය කළේ ය.