Colombo Today Local News

“මිරිහානේදී අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ මානව හිමිකම් කඩවී ඇත්දැයි සමීපව නිරීක්ෂණය කරනවා”

නුගේගොඩ, මිරිහාන ප්‍රදේශයේ පෙරේදා (31)රාත්‍රි පැවති මහජන විරෝධතාවයට සම්බන්ධවූ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ මානව හිමිකම් කඩවී ඇත්දැයි සමීපව නිරීක්ෂණය කරන බව මානව හිමිකම් කොමිසම පවසයි.

මෙම සිදුවීමට අදාළව ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා මානව හිමිකම් කොමිසම ලබන අඟහරුවාදා රැස් වන බව එහි ප්‍රකාශකයකු සඳහන් කරයි.

සිය කොමිසම මෙම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති බවත්, එහිදී රජය හෝ වෙනත් පාර්ශවයකින් මානව හිමිකම් කඩවීමක් සිදු වී ඇතිනම්, ඒ පිළිබඳව ගත යුතු නිර්දේශ පිළිබඳව එදිනට අවධානය යොමු කරන බව මානව හිමිකම් කොමිසම සඳහන් කරයි.

මෙම සිදුවීමට අදාළව අත්අඩංගුවට ගෙන ඇති සියලු පුද්ගලයින්ගේ සියලු තොරතුරු මේ වනවිට මානව හිමිකම් කොමිසම ලබා ගෙන ඇති බව මානව හිමිකම් කොමිසම සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් කිසියම් පාර්ශවයකින් පැමිණිල්ලක් ඉදිරිපත් වුවහොත් විමර්ශනයක් ආරම්භ කළ හැකි බව ඒම ප්‍රකාශකයා සඳහන් කළේ ය.

නුගේගොඩ, මිරිහාන ප්‍රදේශයේ විරෝධතාවයේ නිරත වූ පුද්ගලයින්ට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පැවරිය නොහැකි බව මානව හිමිකම් කොමිසම වැඩි දුරටත් පවසයි.

Related posts

අව් රශ්මිය මදකට නිමා කරමින් ආ සැර සුළඟ පුත්තලම වනසයි

Admin

ඉදිරි මැතිවරණ තරග බිමට සන්ධාන 3ක්…

colombotoday

රැකියාලාභී උපාධිධාරීන් 50,000ගේ නාම ලේඛනය අන්තර්ජාලයට

colombotoday

මේ වනවිට හුදෙකලා තත්ත්වයේ පවතින පොලිස් බල ප්‍රදේශ

colombotoday

සීෂෙල්ස් අධිකරණයේ ප්‍රධානියා ලෙස ශ්‍රී ලාංකිකයෙකු පත් කෙරේ.

colombotoday

සිරසට එරෙහි දෙරණේ වාරණය යළිත් දීර්ඝ කෙරේ

colombotoday