Colombo Today Local News

සමාජ මාධ්‍යට වෙන්න යන දේ…

අවශ්‍ය වුවහොත් සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් පවතින නීති අනුව කටයුතු කිරීමට ද සූදානම් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (31)දින මිරිහානේදී ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අද (01)දින පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේ යම් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් සඳහා සමාජ මාධ්‍ය හරහා පෙළඹවීමක් තවදුරටත් සිදුවන්නේ නම් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග මොනවාද යන්නයි.

ඊට පිළිතුරු දුන් ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ,

“යම් කලහකාරී සිද්ධියක් සිදුකිරීම සඳහා සමාජ මාධ්‍ය හරහා යම් පෙළඹවීමක් තිබෙනවා නම් හෝ ඒ ගැන පෙළඹවීමේ අවදානමක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් තිබෙන නීතිය අනුව කටයුතු කරන්න සිද්ධ වෙනවා.”

Related posts

අධිකරණ නියෝගය ලබාදී දින 2යි. ඇඹිලිපිටියේ පොලිස් සැකකරුවෝ තවමත් අත්අඩංගුවට අරන් නෑ

colombotoday

ජංගම දුරකතන භාවිතා කරමින් දුම්රිය මාර්ගයේ ගිය අයෙකු දුම්රියේ වැදී මරුට

colombotoday

දුම්රිය මැදිරි 120ක් ධාවනයෙන් ඉවතට

colombotoday

“බුදුන්ට පිදූ බිමේ බුදු පිළිමයක් හදන්න වැලි කැටයක් ගන්න අපට අවසර නැද්ද”

colombotoday

කෝටි 10ක ස්වර්ණාභරණ මංකොල්ල කෑ සිව්දෙනා අත්අඩංගුවේ

colombotoday

විදුලි සේවකයින් අද ලෙඩ වෙයි.

Admin