Colombo Today Local News

බන්ධනාගාරයේදී ඤාණසාර හිමියන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක්?

ganasara himi

අප්‍රකට මාධ්‍යවේදී, කුප්‍රකට කොටි ඔත්තුකරු ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් නඩු අද හෝමාගම මහෙස්ත්‍රාත් උසාවියේදී විභාගයට ගත් අවස්ථාවේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට අධිකරණ භූමියේදීම බැණ තර්ජනය කලැයි පැමිණිල්ලේ නීතීඥයින් කල දැනුම්දීමකට අනුව හෝමාගම මහෙස්ත්‍රාත්වරය විසින් එහිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇත.

ඒ අනුව හෙට උදෑසන ඤාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති අතර බොදු බල සේනා ප්‍රධාන විධායක නිලධාරී දිලන්ත විතානගේ මහතා ඇමතු මුස්ලිම් ජාතික මාධ්‍යවේදියෙකු ප්‍රකාශ කර ඇත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගෙන දින 14කට රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ සූදානමක් ඇතිබව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් තමන්ට දැනගැනීමට ලැබුණු බවයි.

මේ සම්බන්ධයෙන් Colombotoday සමග අදහස් දක්වමින් ආචාර්ය දිලන්ත විතානගේ මහතා පැවසුවේ ඤාණසාර හිමියන් සමග දැඩි වෛරයකින් පසුවන ඉස්ලාමීය අන්තවාදී කල්ලි කණ්ඩායම් සමග සබදකම් ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ එල්.ටී.ටී.ඊ හිතවාදී සැකකරුවන් හා ඤාණසාර හිමියන් සමග යම් කලහකාරී තත්වයක් ඇතිකර ඔවුන් ලවා රක්ෂිත බන්ධනාගාරය තුළදී එහිමියන් ඝාතනය කිරීමේ සැලසුමක් පවතින බවයි.

ඒ පිළිබදව මේ වනවිට තමන්ට තොරතුරු වාර්තා වී ඇති බවත්, මේ දියත් වෙමින් පවතින්නේ සැලසුම්සහගත ලෙස ඤාණසාර හිමියන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් බවත් ආචාර්ය දිලන්ත විතානගේ මහතා වැඩිදුරටත් අදහස් දක්වමීන් කියා සිටියා.

Related posts

ගෝල්ෆේස් ආ සම් සම් ලොක්කා අල්ලාහ්ට කිය කියා මුස්ලිම් අන්තවාදය සිංහල දේශපාලකයන් මත පටවයි.

colombotoday

හලාල් සහතිකයෙන් ගන්නා මුදල් මෙරට ත්‍රස්තවාදය ප්‍රවර්ධනයට… හලාල් එපා ! – පාරිභෝගික අධිකාරියට පැමිණිල්ලක්

colombotoday

වජිරගෙන් රාජ්‍ය සේවකයන්ට අනියම් බලපෑම්… අගමැතිට පැමිණිළි කරයි

colombotoday

සිංහල බෞද්ධ ඡන්දයෙන් පැමිණ, භික්ෂූන් වහන්සේට අපහාස කරන දේශපාලකයන් ප්‍රතික්ෂේප කරන්න

colombotoday

ණය ගත්තේ කලින් ගත්ත ණය පියවන්නයි

Admin

පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන්න | ශ්‍රී ලංකා රජය දෙමළ ජනතාවගේ ගැටළුවලට විසදුම් සපයමින් සංහිදියා ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා යුතුයි.- ඉන්දියාව

colombotoday